Colombo Today Local News

70 වන නිදහස් සමරුවේ ප්‍රධාන අමුත්තා ලෙස එංගලන්ත රැජණගේ බාල පුතා එයි

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහල ලබා 70 වසරක් ගතවීම නිමිත්තෙන් පැවැත්වෙන සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බ්‍රිතාන්‍ය මහ රැජණගේ බාල පුත්‍රයා වන එඩ්වඩ් කුමරු සහ ඔහුගේ බිරිද සහභාගී වීමට නියමිතය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කළ නිල ආරාධනාවකට අනුව එඩ්වඩ් කුමාරයා මෙරටට පැමිණෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජනවාරි මස 31 වන දින මෙරටට පැමිණෙන එඩ්වඩ් කුමාරයා කුමරිය හා දූ දරුවන් පෙබරවාරි 04දා දක්වා මෙරට රැඳී සිටින අතර ජනාධිපති අගමැති ප්‍රමුඛ පක්ෂ නායකයින් රැසක් ද මුණ ගැසීමට නියමිත බවද ස්වදේශ කටයුතු ඇමැතිවරයා සඳහන් කළේය.

Related posts

ඉන්ධන පිරවුම්හල් වලට පොලිස් ආරක්ෂාව

colombotoday

දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

යුරෝප සංගමය තුළ LTTEය තවදුරටත් තහනම් !

colombotoday

සුමන්තිරන්ලාගේ ප්‍රකාශවලින් එළියට එන්නේ විශ්වාසභංගය දිනාගන්න දුන් පොරොන්දු !

colombotoday

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

colombotoday

මහ කන්නයේ වී වගාට දියවර නිකුත් කිරීම ලබන 20 වැනිදා

colombotoday