Colombo Today Local News

ඩීසල් නිකුත් කිරීම ප්‍රමුඛතා ලැයිස්තුවකට

ඩීසල් තොග සීමා වීම හේතුවෙන් මින් ඉදිරියට සියලුම ඉන්ධන පිරවුම්හල්වලින් ඩීසල් නිකුත් කරන්නේ ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව පමණක් බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පෙන්වා දුන්නේ ඒ අනුව සෑම ඉන්ධන පිරවුම්හලකින්ම ඩීසල් මෙට්‍රික් ටොන් 2500ක් පමණ ලබාදෙන බවය.

මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව මෙට්‍රික් ටොන් හතළිස්දහක (40000) ඩීසල් සංචිතයක් පමණක් තිබෙන බව අනාවරණය වෙයි. එළැබෙන 09 වැනිදා හෝ 10 වැනිදා මෙරටට ඩීසල් තොගයක් රැගෙන නැවක් පැමිණීමට තිබුණද එය පැමිණීම අවිනිශ්චිත වී තිබේ.

එම තොගය ලබාදීම සම්බන්ධයෙන් සැපයුම්කරුවන් මෙතෙක් තහවුරු කිරීමක් කර නොමැති බැවින් මෙම නැව පැමිණීම අවිනිශ්චිත වී ඇත. ඉන්දීය ණය පහසුකම් යටතේ මීළඟ ඩීසල් තොගය පැමිණීමට නියමිතව ඇත්තේ එළැබෙන 16 වැනිදාය.

Related posts

“අයිතීන් වෙනුවෙන්” අන්තරේ හෙට කොළඹට

colombotoday

තමිල්නාඩුවට පනින්න හැදූ CCD කොස්තාපල් පොලිසියට කොටු වෙයි

colombotoday

රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසී

Admin

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ට පහර දුන් 5කට වැඩ වරදී

Admin

මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක්

colombotoday

සෞඛ්‍ය ඇමතිනිය සුවය ලබා රෝහලෙන් පිටව යයි

colombotoday