Colombo Today Local News

ගොවි ණය කපා දමනවා… ඉතා දැඩි මුල්‍ය පාලනයකටත් යන්න වෙනවා… – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පවතින තත්ත්වය යටතේ රට ගැටළු රැසකට මුහුණ දී ඇති බැවින් ඉදිරියේදී ඉතා දැඩි මුල්‍ය පාලනයකට යාමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

ඒ පාර්ලිමේන්තුවේදී අද(07)දින විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

එසේම අන්තර් ජාතික මුල්‍ය අරමුදල සමග මේ පිළිබඳව සාකච්ඡා සිදුකළ බවත් අගමැතිවරයා පැවසීය.

ඉන්ධන සහ ගෑස් භාවිතා කිරීමේදී හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසද ඉල්ලීමක් කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි මාස 06තුළ රට නොවැටී තබාගැනීමටනම් විශාල මුදලක් අවශ්‍ය බවයි.

එම මුදල් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවද අගමැතිවරයා සඳහන් ළේය.

එසේම ආහාර හිඟය ගැනද මෙහිදී අදහස් පළකෙරුණු අතර වාර්ෂිකව මෙරටට අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 0.4ක් පමණ වන බැවින් මේ වනවිට රට තුළ පවතින්නේ සහල් මෙට්‍රික් ටොන් මිලියන 1.6ක් පමණ වන බවද ඔහු කියා සිටියා.

ඊට අමතරව ගොවීන් විසින් ලබාගෙන ඇති ගොවි ණය කපා දැමීමට කටයුතු කරන බවද අගමැතිවරයා පැවසීය.

පවතින තත්වය වෙනස් කිරීමටනම් යලි ජාත්‍යන්තරය සමඟ සුහදව කටයුතු කළයුතු බව සඳහන් කළ අගමැතිවරයා තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව මේ වනවිට ක්‍රියාවිරහිත වූ පරිගණකයක් සේ වී ඇති බවයි.

Related posts

මුදල්-රත්‍රන් පුදමින් වදින ව්‍යාජ දළදා මාලිගාවක් ගැන ජනපතිට ලිපියක්

Admin

ඇමතිලාට නිල නිවාස නෑ

Admin

කසල කළමනාකරණය බිංදුවට වැටේ.. අගමැති නිල නිවස ඉදිරියේත් කුණු කදු ගොඩගැසේ !

colombotoday

සජිත් අමතද්දී ජනහමුවට ගල් ප්‍රහාරයක්.. මදාවියන්ට බය නැතැයි කියමින් සජිත් දිගටම අමතයි.

colombotoday

චීනයේ නැවතත් කොවිඩ් පැතිරෙයි ප්‍රදේශ 30 ක් වසා දැමීමට පියවර

colombotoday

කෝටි 4161ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක්.. නොමිළේ කියූ ඉන්දීය ගිලන්රථ සේවයටත් කෝටි 11ක් ඉල්ලයි

colombotoday