Colombo Today Local News

මාවනැල්ලේ කම්හලක කසළ තේ ජාවාරමක් වටලයි. තේ කිලෝ ලක්ෂ 03 ක් සමග කළමනාකරැවන් දෙදෙනෙකුත් අත්අඩංගුවට

මාවනැල්ල ප‍්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක ගබඩා දෙකක් වටලා මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ ලක්ෂ තුනකට අධික ප‍්‍රමාණයක් සහ එහි කළමනාකරුවන් දෙදෙනෙකු අද (03)දින මාවනැල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල ගබඩාදෙක මුද්‍රාතැබීමට පොලිසිය පියවරගෙන ඇත.

මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස්පරික්ෂක අසේල කේ හේරත් මහතාට ලද තොරතුරක් මත කල මෙම වැටලීම සඳහා කෑගල්ල පොලිස් අධිකාරි ලක්දාස අබේඅරත්න මහතා සහ කෑගල්ල කොට්ඨාෂ අපරාධ අංශයේ නිලධාරීහු ද සහභාගිවූහ.

කාලක් තිස්සේ මහාපරිමාණයෙන් පවත්වාගෙන ගියැයි කින මෙම කසළ තේ කර්මාන්ත ශාලාවෙන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට තේ බෙදාහැර ඇතැයිද අනාවරණය වී ඇත.

පොලිස් නිලධාරින් විසින් කර්මාන්තශාලාවේ එක් ගබඩාවක් පරීක්ෂා කිරීමේදි එම ගබඩාවේ ගබඩාකොට තිබු මිනිස් පරිභෝජනයට නුසුදු කසළ තේ කිලෝ ලක්ෂයකට අධික ප‍්‍රමාණයක්ද අනික් ගබඩාවේ තිබි ලක්ෂ දෙකකට අධික කසළ තේ ප‍්‍රමාණයක්ද සොයාගැනීමට හැකිව තිබේ.

මෙම කසල තේ කවරවල බහා ගොඩවල් වශයෙන් ගබඩාශාලාවේ ස්ථාන කිහිපයක අසුරා තිබු අතර ප‍්‍රවාහනය කිරීම සඳහා තවත් ස්ථානයක විශාල ප‍්‍රමාණයක් අසුරා තිබුනි.

මෙම කසල තේ ජාවාරම පිළිබඳ එහි කළමනාකරුවන් දෙදෙනෙකුගෙන් ප‍්‍රශ්නකොට ප‍්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු, ලංකා තේ මණ්ඩලයේ නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේද සහායෙන් අත්අඩංගුවට ගනුලැබු කසල තේ කුඩුතොගයෙන් සාම්පල ලබාගැනිණි.

කර්මාන්ත ශාලාවේ කළමනාකරුවන් දෙදෙනෙකු ද සැක පිට අත්අඩංගුවටගෙන ඇත.

Related posts

ඇලෝසියස්ට – පලිසේනට ප්‍රභූ සිරමැදිරියක්…

colombotoday

අමෙරිකානු රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණ විනිසුරුවරුන්ට සම්බාධක පනවයි

Admin

ලංකාවේ සිට එංගලන්තයේ පරිගණක පද්ධති නවත්තපු හැකර්

colombotoday

පොලිසිය පල්ලියට එන්න සිද්දකලේ ඔබේ ආගමේ අන්තවදියෝ 8 දෙනෙක්. හිස්බුල්ලාට සහ අසාද් සාලිට දුමින්ද පිළිතුරු දෙයි

colombotoday

ගැටලු විසඳන්න බලධාරීන්ගේ මැදිහත්වීමක් නැහැ… – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අදත් වර්ජනයේ..

Admin

විදුලිය ගාස්තු ඉහළ දැමීම ගැන අද පාර්ලිමේන්තුවේදී විවාදයක්..

colombotoday