තම දරුවාද සමඟ ක්ලේමෝ බෝම්බයක් ප්‍රවාහනය කරමින් සිටි හිටපු LTTE සාමාජිකාවක හා ඇයගේ සැමියා ඊයේ(2)දින අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් යාපනයේ සිට මහනුවර දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක යමින් සිටියදී පරන්තන්හිදී මෙලෙස අල්ලා ගත් බවයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
බුද්ධි අංශ දුන් ඔත්තුවකට අනුව පොලිස් – හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම වැටලීම කර තිබේ.
–Citizen–