Colombo Today Local News

ඇඟිලි නොගහ හිටියොත් ඒ ඇති

trrrඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරුණු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, ඔහු කළ ප්‍රකාශවලම රැඳී සිටියහොත් එය ලෝක සාමයට ඉතා වැදගත්වනු ඇති බව ශ්‍රී ලංකා රජය පවසයි.

අද (09) කොළඹදී පැවැත්වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රජයේ ප්‍රකාශක ආමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ‘බීබීසී සිංහල සේවය’ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“මුළු ඇමරිකන් බල කඳවුරු සියල්ල උදව් කළේ ක්ලින්ටන්ට, මෙයා අපේ ජාතියේ සෙල්ලම් දැම්මා මෝටර් කෙඩ් දාගෙන, කොඩි ගහගෙන අපි කරනවා වගේ තමයි ට්‍රම්ප් කැම්පේන් කරේ, ඒක දිනුවා සාමාන්‍ය මිනිස්සු දිනුවා බලපරාක්‍රමයට එරෙහිව” යැයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

ලෝකයේ ප්‍රශ්න විසඳීමට පෙර තමන්ගේ රටේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය යන තම මතය මෙන්ම රුසියාවේ ජනාධිපතිවරයා වන ව්ලදිමීර් පුතින්ගේ ක්‍රියා කාලපය නිවැරදියි යන මතයේ තේරීපත්ව සිටින නව ඇමරිකානු ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළහොත් එය ලෝක සාමයට ඉතා වැදගත්වනු ඇති බව සඳහන් කළ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, “ඩොනල්ඩ් ට්‍රම්ප් මොකුත් කරන්න ඕනේ නැහැ මේ ලෝකෙට ඇඟිලි ගහන එක නැවැත්වුවොත් ඒ ඇති” යැයි කියා සිටියේය.

ජාතිකවාදී මැතිවරණ ප්‍රචාරය ඔහුගේ ජයග්‍රහණයට හේතුවූ බව ඇමතිවරයා පවසද්දී මෙම ප්‍රවණතාව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මැතිවරණ වලදී ද දක්නට ලැබේදැයි නැගුණු පැනයට පිළිතුරු ලෙස ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ඇත්තේ ජාතිවාදය මිස ජාතිකවාදය නොවන බවය.

අගමැති රනිල් වික්‍රමසිංහ ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂය සමග කිට්ටු සබඳතාවක් ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ද ශ්‍රී ලංකාවට වාසිදායක තත්වයක් ඇතිවනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී බලාපොරොත්තු පළ කළේය.

Related posts

අතාවුල්ලා ‘ගල් වැද්දෝ‘ කියා වතු කම්කරුවන්ට අපහාස කරයි… දෙමළ සංවිධාන අවි අමෝරයි !

colombotoday

ඇමතිවරයෙකුගේ හෙංචයියෙක් සතුටු කිරීමට පොල් තෙල් වලට ෆාම් තෙල් කවලම් කිරීමේ ජාවාරම නැවතත්?

colombotoday

රවීට, බිරියට,දියණියට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

colombotoday

විනිවිද පෙනෙන බෑග් එකක පොත් රැගෙන පාසල් එන්න – මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක්

colombotoday

අපේම අය කකුලෙන් ඇද්දා, පහුගිය කාලේ එජාපය රටට කෙළේ හොදක් නෙවෙයි – තිස්ස පරාජය හේතු කියයි

colombotoday

සංහිඳියාව බින්දා කියා පාසල් සිසුන් 03ක් රිමාන්ඩ්

colombotoday