Colombo Today Local News

නිවෙසක සඟවාගෙන තිබූ ලක්ෂ නවයක ඉන්ධන එස්.ටී.එෆ් අල්ලයි

ගිරාඳුරුකෝට්ටේ නිවෙසක සඟවාගෙන තිබූ රුපියල් ලක්ෂ නවයකට ආසන්න වටිනාකමින් යුත් ඉන්ධන තොගයක් සමග එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.

ඩීසල් ලීටර් 1,900 ක් හා පෙට්‍රල් ලීටර් 19 ක් ඔහු සන්තකයේ තිබී සිය බාරයට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 42 ක පුද්ගලයෙකි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු ගිරාදුරුකෝට්ටේ පොලිස් ස්ථානයට භාර දී ඇත.

විශේෂ කාර්ය බළකාය අරන්තලාව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අරන්තලාව කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.එම්.කේ. පීරිස් ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදු කර ඇත.

Related posts

කලාකරුවන්ට දුන් පොරොන්දු ජනාධිපතිතුමා ඉටු කළේ නැහැ

colombotoday

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

ආණ්ඩුවේ අලුත් මහානායක තුන් කට්ටුව මෙන්න.. මහා සංඝ භේද කුමන්ත්‍රණයක් !

colombotoday

මීගමුව අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

Admin

විදේස්ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්

colombotoday

මියගිය කොටි සැමරුම් වළක්වාලමින් හිටපු පා. මන්ත්‍රී ශිවශක්තිට අධිකරණයෙන් තහනම් නියෝගයක්

colombotoday