කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවියන් අතරින් 232ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
තවත් 200කට වැඩි පිරිසක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පුනුරුත්ථාපන කටයුතු පිලිබඳ කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
මේ අතර කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය තුළදී එහි රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන බව ඔහු පවසයි.
එම මරණය සම්බන්ධයෙන් කිසිවෙකු වැරදිකරුවෙකු බව තහවුරු වුවහොත් ඔහුට නිසි දඬුවම ලබාදෙන බව මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කරයි.