Colombo Today Local News

විදුලි ගාස්තු අසීමිතව ඉහළට

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව දැනට පවතින ගෘහස්ථ විදුලි පාරිභෝජන ඒකක 1ත් 30ත් අතර රුපියල් 30ක්ව පවතින මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 150ක් දක්වායි ඉහළ නංවන ලෙස යෝජනා කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය ඒ සඳහා යෝජනා කර තිබුණේ රුපියල් 430ක්.

එමෙන්ම දැනට ඒකක 1ත් 30ත් අතර රුපියල් 2යි ශත 50ක් ව පවතින විදුලි ඒකකයක මිල රුපියල් 8කින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව, මහජන උපයෝගීතා කොමිෂන් සභාවද එලෙසින්ම නිර්දේශ කර තිබෙනවා.

මේ අතර ඒකක 31ත් 60ත් අතර ස්ථාවර ගාස්තුව රුපියල් 1100කින් ඉහළ දැමිය යුතු බවට විදුලිබල මණ්ඩලය යෝජනා කළ ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ රුපියල් 300ක වැඩිවීමක්.

එමෙන්ම ඒකක 31ත් 60ත් අතර දැනට රුපියල් 4යි ශත 85ක් ව පවතින විදුලි ඒකකයක මිල රුපියල් 12යි ශත 50කින් වැඩි කළ යුතු බවට විදුලිබල මණ්ඩලය යෝජනා කළද මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ රුපියල් 10ක ගාස්තු සංශෝධනයක් පමණයි.

Related posts

මට හොරා කියපු අය දැන් ඒ ඒ අයටම හොරා කියා ගන්නවා.. දැන් හැමෝගෙම රෙදි ගැලවිලා

colombotoday

පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවට පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයින් බිය වද්දයි – ජනපතිට පැමිණිලි

colombotoday

බුදු දහම විකෘති කරන මධ්‍යස්ථාන 12ක් ලංකාව ඇතුලේ

Admin

වඩමාරච්චි යුද හමුදා කදවුරක් ඉවත් කරයි

Admin

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1400කට ආසන්න වෙයි

colombotoday

රනිල් ආසියානු සංවර්ධන බැංකුවට

Admin