27 C
Colombo
6 April 2025
Colombo Today Local News

ඉඩමක් නැති අයට අගමැතිගෙන් ඉඩමක්

ඉඩම් හා නිවාසවල අයිතිය සඳහා ඔප්පුවක් නොමැති දස ලක්ෂ ගණනක් වූ පුද්ගලයන්ට, ඉඩම් හා නිවාස අයිතිය නීත්‍යනුකූලව පැවරීමට කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“සැමට හිමි බිමක්” වැඩපිළිවෙළ යටතේ ඉඩම් අහිමි පවුල්වලට ඉඩම් හිමිකම ලබා දීමේ වැඩසටහන අද උදෑසන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආරම්භ විය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය මගින් මෙහෙයවයි.

භූමියේ නීත්‍යනුකූල හිමිකමක් නැති දිවයිනේ සිටින සියලුම පුද්ගලයන්හට ඉඩමේ අයිතිය ලබාදීමේ පළමු පියවර අද දින සිට “හිමි බිම” ඔප්පු ප්‍රදානය මගින් සිදුවන බව වැඩසටහන ආරම්භ කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.

උපන් බිමේ ඉඩක් අහිමි අයට නීත්‍යනුකූල අයිතියක් ඇති බිමක් ලබාදීමේ අරමුණින් සකස් කළ මෙම වැඩසටහන යටතේ සෑම සතියකට ම ඔප්පු 1000 ක් 3000 ක් අතර ප්‍රමාණයක් බිමේ හිමිකරුවන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙම වැඩසටහනට සමගාමීව හිමිකම ඔප්පු ලබාදීම පුත්තලම හා කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ද අද සිදු කෙරිණි.

Related posts

ගාල්ල ආසනය කරට කර… සජිත් නූලෙන් දිනයි !

colombotoday

“රාජපක්‍ෂ දළදා මාළිගාව බෝම්බ ගහනවා කීවා.. මල්වතු පාර්ශවය දෙකඩ කරන්න හැදුවා“ – අගමැති

colombotoday

නිවසක බිත්තියක් කඩා වැටී දරුවකු මරුට

colombotoday

පොලිස් ඇමතිට ජීවිත තර්ජනයක්

Admin

හෙරොයින් හා මත්පෙති සමග දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

අධ්‍යාපනය ක්‍රමය ඔන්ලයින් යුගයට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණය විය යුතුයි.

colombotoday