Colombo Today Local News

රැට්ටා, ලහිරු, ජගත් ඇතුළු 7ක් පොලිසියට භාර වෙති

ලහිරු චතුරංග වීරසේකර, රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න, ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ, රත්කරව්වේ ජිනරතන හිමි, එරංග ගුණසේකර හා ජෙහාන් අප්පුහාමි යන පිරිස අද (ජූනි 22) මරදාන පොලිසිය වෙත භාර වී තිබේ.

නීතිඥවරයෙකු මාර්ගයෙන් එම පිරිස පොලිසිය වෙත භාර වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

කෙසේ වෙතත්, එම පිරිස අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා ගල්වැව සිරිධම්ම හිමි එම පිරිස අතර නොසිටි බව එම කාර්යාලය සඳහන් කර ඇත.

ජූනි 9 වන දා පොලිස් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වෙමින් රජයේ දේපලවලට හානි සිදු කර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පා තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් පිළිබඳව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් B වාර්තාවක් මගින් කරුණු වාර්තා කර තිබිණි.

Related posts

අධ්‍යාපන සුදුසුකම් ගැන කතානායකගෙන් ප්‍රකාශයක්

Admin

ඇමැති බන්දුල කරච්චි වෙළෙඳ හා වාණිජ සංගමයේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක

colombotoday

මීගමුව අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

Admin

අගමැතිට එරෙහිව ආය විශ්වාසභංග ගෙන්නෑ – හිටපු ඇමති රාජිත

colombotoday

සුදුවැල්ලේ සුනඛයෙක්ටත් කොරෝනා

colombotoday

රාජපක්‍ෂ සහගහන බදු ගහලා..

colombotoday