Colombo Today Local News

නැගෙනහිර සෑම රජයේ ආයතනයකම ගෙවත්තක් අනිවාර්යයි

නැගෙනහිර පළාත් සභාවට අයත් සෑම රජයේ ආයතනයකම ගෙවත්තක් සකසන ලෙස පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කර තිබේ.

පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය මැදිහත්වීමෙන් එය සම්බන්ධීකරණය සිදු කරන ලෙසද ආණ්ඩුකාරවරිය පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් අයි.කේ.ජී. මුතුබණ්ඩා මහතාට උපදෙස් දුන් බවයි ආණ්ඩුකාරවරිය නිවේදනය කරයි.

මඩකලපුව දිස්ත්‍රික් කෘෂි උපදේශකවරුන් සමග පැවති විශේෂ හමුවකදී ඇය මේ බව කියා ඇත.

ඉදිරියේදි ඇතිවන ආහාර අර්බුදයට මුහුණදීම සදහා කෘෂිකර්ම උපදේශකවරුන් ඉතා කඩිනමින් ගොවීන් දැනුවත් කර වගා සංග්‍රාමයක් ඇති කරන ලෙසද ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කළ බව එම නිවේදනයේ සඳහන්.

වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය …

“ කෘෂිකර්ම උපදේශකවරුන් හැටියට ඔබට විශාල වගකීමක් පැවරෙනවා. ඉදිරියේදි ආහාර හිගයක් පිළිබදව අපි කතා කරනවා. ඒ සදහා හැකි ඉක්මනින් කෙටිකාලින භෝග වගාව ආරම්භ කරන්න අවශ්‍යයි. සියළුදෙනාම රැකියාව අවශ්‍යතාවයක් සේ සලකන්න. ආහාර අර්බුදයක් ඇවිත් ජනතාව අපහසුතාවයට පත් වෙනවා නම් කෘෂිකර්ම උපදේශකවරුන්ගේ රැකියාව සම්බන්ධවත් ප්‍රශ්ණයක් තියෙනවා. ඔවුන් නිසි පරිදි ගොවීන්ව දැනුවත් කරලා නැති එකයි ඒකෙන් පෙන්නුම් වෙන්නේ. අපිට ඊළග පොරය තියෙන්නේ මහ පොළවත් එක්ක. ගොවින්ට හැම පහසුකමක් ලබාදිය යුතුයි. රජය සහ ගොවියා අතර සම්බන්ධතාවය ඇති කරන්නේ කෘෂිකර්ම උපදේශකවරුන් ඒ සම්බන්ධතාවය නිවැරදි ලෙස අවබෝධ කරගෙන ඉදිරි ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණදීමට කටයුතු කළ යුතුයි .”

Related posts

වාහන මිල අඩු කරන්නේ නෑ… බදු අඩු කරන්නෙත් නෑ… රවී ස්ථීරවම කියයි

colombotoday

බන්ධනාගාර රැඳවියන්ටත් කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දෙයි

colombotoday

මහ මඟදී රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

නව ඛනිජ තෙල් මිල සංශෝධනය

Admin

හිටපු හමුදාපති, ජාතික ජනතා පක්ෂයෙන් ජනාධිපතිවරණයට !

colombotoday

දේවස්ථානයේ බෝම්බයක් තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවසේ ආයුධ ගබඩාවක්

colombotoday