World

ඇපල් ස්ටෝර් අලෙවිසැලක් පළමු වෘත්තිය සමිතිය පිහිටුවයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ්හි ටොවිසොන් නුවර පිහිටි ඇපල් ස්ටෝර් අලෙවිසැලක් තුළ වෘත්තීය සමිතියක් පිහිටුවීමට එහි සේවකයන් බහුතරයකගේ කැමැත්ත හිමිව ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව එරට තුළ ඇපල් සාප්පුවක් තුළ පිහිටුවෙන පළමුවැනි වෘත්තීය සමිතියද මෙය වෙයි.

මෙහිදී එම සාප්පුවේ සේවය කරන සේවකයන් 110 දෙනෙකු අතර ඡන්දයක් පැවැත්වී ඇති අතර, එහිදී 65දෙනෙකු ඊට පක්ෂවද, 33දෙනෙකු ඊට විපක්ෂවද ඡන්දය ලබා දී තිබේ. AppleCORE (Coalition of Organized Retail Employees) නමින් හදුන්වා ගන්නා ලද සේවකයන් කණ්ඩායමක් එක්ව වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීම පිළිබද යෝජනාවක ප්‍රතිපලයක් ලෙස මෙම ඡන්ද විමසීම පැවත්වී තිබේ.

මෙම වෘත්තීය සමිතිය පිහිටුවා ගැනීමෙන් අනතුරුව එම සේවකයන් සිය වැටුප්, වැඩ පැය ගණන සහ රැකියා සුරක්ෂිතතාව පිළිබදව ඇපල් සමාගම වෙත සිය ඉල්ලීම් ඉදිරිපත් කිරිමේ අවස්ථාව උදාවෙයි.

මෙය එක්සත් ජනපදය තුළ ඇපල් ස්ටෝර් අලෙවිහලක් තුළ වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීමට ගත් ප්‍රථම උත්සාහයද නොවෙන අතර පෙර අවස්ථා සියල්ලන්ගේදීම එම කටයුතු අසාර්ථක විය.

කෙසේ වෙතත් අලුතින් වෘත්තීය සමිතියක් පිහිටුවීම සඳහා සේවකයන් අතරම ඡන්ද විමසීමක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.

මෙම වෘත්තීය සමිතිය පිහිටුවීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය ඇපල් සමාගමෙන් කරුණු විමසීමක් සිදු කර ඇති අතර ඊට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කිරීමට එම සමාගම පියවර ගෙන ඇත.

Related posts

ඇමෙරිකානුවෙන් නිපදවූ කොරෝනා එන්නත සාර්ථකව අත්හදා බලයි

colombotoday

සංචාරකයින් රැගත් ලොව පළමු අභ්‍යවකාශ යානව ගුවන්ගත වෙයි

colombotoday

CIA අධ්‍යක්‍ෂ හොර රහසේ ඇෆ්ගනිස්ථානයේදී තලේබාන් නායකයා හමු වෙයි.

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවයි

colombotoday

ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රකාශ කිරීම අදයි

colombotoday

මයික්‍රොසොෆ්ට් සේවාවන් කිහිපයක් ඇනහිටියි – සේවාලාභීන් විශාල පිරිසක් අපහසුතාවයට

Admin