Colombo Today Local News

වැල්ලවත්තෙන් ඇල්ලූ තායි ගණිකාවට ඒඩ්ස්.. මහ පිරිසක් අනතුරේ !

ganika

වැල්ලවත්ත වෙරළ පාරේ 42 වීදියේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්‌ථානයකින් අත්අඩංගුවට ගත් කතුන් අතර සිටි තායිලන්ත ජාතික කාන්තාවට ඒඩ්ස්‌ රෝගය වැළඳී ඇති බව වෛද්‍ය පරීක්‍ෂණයකින් හෙළිවී ඇත.

මෙම ගණිකා මධ්‍යස්‌ථානයේ සිටි දේශීය කාන්තාවන් පස්‌ දෙනෙකු සහ විදේශීය කාන්තාවන් දෙදෙනකු පොලිස්‌ අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා ඉදිරිපත් කර තිබිණි.

මෙම ගණිකාවන්ගේ පහස ලැබීම සඳහා විවිධ පුද්ගලයන් රැසක්‌ පැමිණ ඇති අතර ඒඩ්ස්‌ රෝගය වැළඳුණු තායිලන්ත ජාතික කාන්තාවද විශාල පිරිසක්‌ සමඟ ලිංගිකව හැසිරී ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

සැකකාර කාන්තාවන් පිරිස මේ වනවිට බන්ධනාගාර ගතකර සිටින අතර ඔවුන් අද (06 වැනිදා) දින අධිකරණය වෙත නැවත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පාලිත පනාමල්දෙණිය, සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත වැල්ලවත්ත ස්‌ථානාධිපති කපිල විඡේනාම මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

-දිවයින

Related posts

හඳුනාගැනීමේ පෙරෙට්ටුව ගැන සාකච්ඡා කිරීමට හිජාස් හිස්බුල්ලාගේ නීතිඥයන් අයුතු උත්සාහයක් දරලා

colombotoday

කඳුළු ගෑස් ප්‍රහාරක ගිනි අවියක් පිපිරී උපපොලිස් පරීක්ෂකවරයෙකු මරුට

colombotoday

ඥාණසාර හිමිගේ මතවාදවලට මාත් එකගයි.. මට සමාවෙන්න ! – එස්.බී. මහ නාහිමියන්ගෙන් සමාව ගනී

colombotoday

මුහුදු රැල්ලට හසු වූ සරසවි සිසුවෙක් මරුට

Admin

MRP උල්ලංඝනය කළ වෙළඳසැල් හිමිකරුට රු. 100,000 දඩයක්

Admin

හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් නීතිඥවරු 158 ක් අත්සන් තබති

colombotoday