Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඕමානයේ නිරෝධායනයට

ඕමානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙකක් සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඕමානයේ නිරෝධායනයට යොමුකර තිබේ.

එක් දිනක් නිරෝධායනයේ නිරත වන ඔවුන් ඉන් අනතුරුව සිය පුහුණුවීම්වල නිරත වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් 03 වැනිදා ඕමානය බලා යාමට නියමිතව සිටියත්, එරටට බලපෑ ශහීන් නමැති කුණාටු තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාව තරගාවලිය සඳහා පිටත් වූයේ පෙරේදා (04)වනදා ය.

දෙරට අතර පළමු තරගය මේ මස 07 වැනිදාත්, දෙවැනි තරගය 09 වැනිදාත් පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා අයි.පී.එල්. තරගාවලියට එක්ව සිටින වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර හැරුණු විට ක්‍රීඩකයන් 21 දෙනෙක් පිටත් විය.

Related posts

ශ්‍රීමාලිගෙන් මව්බිමට රන් පදක්කමක්

colombotoday

දෙවන ටෙස්ට් තරගයේ ජය සමගින් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

colombotoday

අකිලගේ දග පන්දුවට ICCයෙන් තහංචියක්

colombotoday

ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය 27 වනදා – ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

colombotoday

ධනංජය ශ්‍රී ලංකාව සුපිරි ජයක් ගෙනෙයි

Admin

ක්‍රිකට්, රග්බි, සහ පාපන්දු යන ජාතික සංචිතවල පුහුණුවීම් ඇරඹීමට සූදානම්

colombotoday