Colombo Today Local News

කොටින් බේරාගන්න හිලරි ක්ලින්ටන් දාපු සෙල්ලම් ඊමේල් ගිණුමෙන් හෙළිවෙයි

අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම්වරිය වී සිටි කාලයේ දී රාජකාරී කටයුතු සඳහා පෞද්ගලික ඊමේල් ගිණුමක් භාවිතා කිරීම සම්බන්ධයෙන් කලක් තිස්සේ චෝදනාවට ලක් ව සිටී.

ඇය පෞද්ගලික ඊමේල් ගිණුමක් රාජකාරී කටයුතු සඳහා භාවිතා කර ඇති බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තුළ පිහිටා තිබෙන Office of Inspector General කාර්යාලය විසින් මෑතක දී නිගමනය කර ඇත.

ශ්‍රී ලංකාවේ යුද්ධය අවසාන සමයේ ශ්‍රී ලංකා රජයේ යුද මෙහෙයුම්වලට බාධා පැමිණවීම සඳහා ඇය උත්සාහ දරා ඇති බව එම එක් ඊමේල් පණිවිඩයක සඳහන් ව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට මුල්‍ය ආධාර ලබාදීම නවත්වන ලෙස ඇය අන්තර්ජාතික මුල්‍ය අරමුදලට උපදෙස් දී ඇත.

අන්තර්ජාතික මූලික අරමුදලෙන් කළ ඉල්ලීමෙන් අනතුරු ව එවකට අමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් වූ තිමති ගේත්නර් මහතා සමග සාකච්ඡා පවත්වා තිබේ.

ඔහු පවසා ඇත්තේ තමන්ට අදාල නොවන දෙයක් සම්බන්ධයෙන් ඇය උපදෙස් ලබා දී ඇති බවත් ඔහුගේ විෂය පථයට ඇය අනවශ්‍ය ඇඟිලි ගැසීමක් සිදු කර ඇති බවත් ය.

හිලරි ක්ලින්ටන් 2008 ජනාධිපතිවරණයේ දී ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා ගැනීමේ උත්සාහයක නිරත වුව ද බැරැක් ඔබාමාට පරාජයවීමට ඇයට සිදු විය.

(Asian Tribune)

Related posts

ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට සහාය දුන් තානාපතිනිය ගෙදර යයි: ඩයස්‌පෝරාව සහ අල් හුසේන් අර්බුදයක

colombotoday

අනුර සේනානායකට ඇප !

colombotoday

දෝෂාභියෝගයක් ගෙන එන්න අවස්ථාවක්

Admin

විල්පත්තුවේ ගිනි පත්තුවෙද්දී බදියුදීන්ගේ ගෝලබාලයෝ නැවතත් කරළියට…

colombotoday

ජාතික සංහිදියා ඇමතිට පාතාල මර බිය දැනෙයි.. ආරක්ෂාව තරකර ගනී…

colombotoday

රක්ෂිතයකින් දිරාගිය කාන්තා අස්ථි කොටස් හමු වෙයි

Admin