Colombo Today Local News

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම යළි අද සිට

සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (09)දිනයේ සිට යළි ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, අද දිනයේ භාර ගනු ලබන්නේ මැයි 05, 06 හා 09 දිනවල සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවක් වෙන්කර ගත් අයැදුම්පත්‍ර පමණක් බවයි.

ඊට අමතරව මැයි 5 වැනිදා සාමාන්‍ය සේවයක් යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා අයැදුම්පත් භාරදීමට පැමිණ, දෙපාර්තමේන්තුවෙන් අංකයක් සහ මුද්‍රාවක් ලබාගත් අයැදුම්කරුවන්ගේ අයදුම්පත් ද එදිනට භාර ගැනෙන බව, ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මැයි මස 10 වැනිදා සිට ගමන් බලපත්‍ර අයැදුම්පත් භාරදීම සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට අනිවාර්යයි.

ඒ සඳහා www.immigation.gov.lk වෙබ් අඩවියෙන් හෝ 070 710 10 60 දුරකථන අංකයෙන් දිනයක් හා වේලාවක් වෙන්කර ගත හැකි ය.

පරිගණක පද්ධතිය පිළිසකර කිරීමෙන් අනතුරුව කඩිනමින් එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

රිෂාඩ් බදුර්දීන්ට අධිකරණය අද දුන් නියෝගය

colombotoday

පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවේ තීරණය

colombotoday

රතන හිමි අඩියක් පසුපසට… ඡන්දය නිශ්ක්‍රීය කරයි !

colombotoday

මැතිවරණ පරාජයෙන් පසු සජිත් ජාතිය අමතයි!

Admin

ඉහළ තැන්වල තොරතුරු රැසක් එළියට.. පර්පචුවල් ප්‍රධාන ගැණුම්කරුට පොලිස් ආරක්ෂාව !

colombotoday

බදුර්දීන් යහපාලන සෙවණේ රැකවරණ ලබද්දී කැලෑ පාලුවෝ අල්ලන්න ජනපති ත්‍රිවිධ හමුදාව යොදවයි

colombotoday