Colombo Today Local News

ජනපතිට එරෙහිව ගෙනා විශ්වාසභංගයේ වැරදි කථානායක සජිත්ට පෙන්නයි

සමගි ජන බලවේගය පක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව ඒ ආකාරයටම බාරගැනීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රතික්ෂේප කර ඇත.

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් මිස විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට නීතිමය ප්‍රතිපාදන නැති හෙයින් යෝජනාව සංශෝධනය කර වෙනත් ගැළපෙන ආකාරයකින් යොමු කිරීමට පියවර ගන්නා ලෙස එම පක්ෂයේ නායකයන්ට දැනටමත් දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන සදහන් කරයි.

තමාගේ අදහස ඒ පක්ෂයේ නායකයන් බොහෝ දෙනකු පිළිගත් බවත් ඒ අනුව එම යෝජනාව සමගි ජන බලවේගයේ නායකයන් සමඟ එකතුවී ගැළපෙන සහ නීතිමය වශයෙන් ඉදිරිපත් කළ හැකි ආකාරයට සකස් කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට උපදෙස් දුන් බවත් හෙතෙම සඳහන් කරයි.

එසේම ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් දැනටමත් උපදෙස් ඉල්ලා ඇති බව පැවසූ කතානායකවරයා එම උපදෙස්ද අද හෙටම ලැබීමට නියමිත බවත් සඳහන් කළේය.

සමගි ජන බලවේගය පක්ෂය විසින් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව එක් විශ්වාසභංග යෝජනාවක්ද ජනාධිපතිවරයාට එරෙහිව තවත් විශ්වාසභංග යෝජනාවක්ද කතානායකවරයාට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.

Related posts

පොලිස් පොලු හරඹ වලට එරෙහිව ජපුර සිසුන් විරෝධතාවක, පාරවල් අවහිරයි.

colombotoday

අපේ විතරක් නෙවෙයි… ඉන්දියාවේ හා පාකිස්ථානයේත් රුපියල බාල්දු වෙලා…

colombotoday

චම්පික රණවකට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයක් ?

colombotoday

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තල මළුවේදී

colombotoday

රනිල් බේරගන්න සල්ලි බෙදන ඇමැති කවුද? විමල් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි (Video)

colombotoday

ඉතිහාසය ඉවතට.. ‘සංහිදියාව‘ තකා පාසල් විෂය නිර්දේශයත් ළගදීම වෙනසකට !

colombotoday