Colombo Today Local News

සිංහල, දෙමළ, මුස්ලිම් ත්‍රිවිධ ජාතීන්ගේ හමුදාවක් හැදීම ජනපතිගේ බලාපොරොත්තුවයි

ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව සිංහල හමුදාවක් හැදීමට නොව ත්‍රිවිධ හමුදාව සිංහල,දෙමල,මුස්ලිම් යන ත්‍රිවිධ ජාතීන්ගේ හමුදාවක් බවට පත් කරීමට යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

එමෙන්ම යුධ හමුදාව මේ රටේ සංවර්ධන හමුදාවක් බවට පත්විය යුතු බවද සංහිදියාවේ සුවද බෙදාගන්නා සාම හමුදාවක් විය යුතුයැයිද හෙතෙම පැවසුයේ උතුරු පළාත කේන්ද්‍ර කරගත් 07 වන රණවිරු සැමරුම් උළෙලට කිලිනොච්චිය කොකාවිල් කුලුණ ඉදිරිපිට ඇති රණවිරු ස්මාරකය ඉදිරිපිටදී ඊයේ (10දා) සහභාගී වෙමිනි.

එහිදී ආණ්ඩුකාරවරයා මෙසේද පැවසීය

තිස් අවූරුද්දක් තිස්සේ දික්ගැස්සුනු බිහිසුණු යුද්ධයෙන් අවසන් කරන්න මේ රට පුරා ගලා ගිය වේදනා, අදෝනා,ශෝකාලාප,මරණ,ලේ ගංගා නතර කිරීමට ඇපකැප වෙලා ජයග්‍රහණය ලබා දැන් කාලය ගතවී අවසන්.දැන් සාමයේ මල් පිපී තිබේ. යුද්ධය නිසා මේ රටේ සියලුම දේ නැතිකරලා දැම්මා. රට සංවර්ධනය කරන්න තිබුණු මුදල් ගිනි තිබ්බා.වෙඩි තියා ගන්න,විනාශ කරන්න,මරණය,සමුල ඝාතනය කරන්න වියදම් උනා. එයින් අපිට ලැබුනේ වේදනාව සහ අදෝනාව විතරයි.

අද යුධ හමුදාව මේ රටේ සංවර්ධන හමුදාවක් බවට පත්විය යුතුයි. සංහිදියාවේ සුවද බෙදාගන්නා සාම හමුදාවක් විය යුතුයි.

ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව සිංහල හමුදාවක් හදන්න නෙවෙයි.මේ ත්‍රිවිධ හමුදාව සිංහල,දෙමල,මුස්ලිම් ත්‍රිවිධ ජාතීන්ගේ හමුදාවක් බවට පත් කරන්න එතුමා කටයුතු කරනවා ඇති. ඒ නිසා පොලිසියත් ත්‍රිවිධ ජාතීන්ට අයත් හමුදාවත් ත්‍රිවිධ ජාතීන්ට අයත් මේ මුළු මහත් රටත් ත්‍රිවිධ ජාතීන්ට අයත් කියමින් මේ රණවිරු උපහාර උත්සවය රටදැය වෙනුවෙන් දිවිපිදු ජාති,ආගම්,කුල භේද වලින් තොරව සියලුම රණවිරුවන්ට උපහාරයක් වේවායි මා ප්‍රාර්ථනා කරමි.

Related posts

රෝගියෙකුට ඖෂධ රැගෙන යන බව පවසා ජාවාරම්කාරියකට හෙරොයින් රැගෙන ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday

උසස් පෙළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ අද මැදියම් රැයේ සිට තහනම්..

Admin

ද්‍රවිඩ සන්ධාන බලපෑමට ඉරණමඩු හමුදා කදවුර ඉවත් කෙරේ !

colombotoday

විදේශ තානාපතිවරු හය දෙනක් මෙරට ආරක්‍ෂක සහ දේශපාලන කටයුතුවලට සෘජුව මැදිහත් වේ

colombotoday

අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙයි. රනිල් තවමත් නෑ

colombotoday

“ඥාණසාර හිමි අත්අඩංගුවට ගනු“ – මුස්ලිම් මැති ඇමතීන් පොලිස් ප්‍රධානීන් හමුවෙයි

colombotoday