Colombo Today Local News

කොවිඩ් එන්නත ළඟදීම ශ්‍රී ලංකාවටත්

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා මේ වනවිට භාවිතය කර ඇති එන්නත ශ්‍රී ලංකාවට ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීම් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (8)දින පැවසීය.

මෙම එන්නත ලොව සෑම රටකටම සමානව බෙදා දීමේ වැඩපිළිවෙලක් ලෝක සෞඛ්‍ය සංවිධානය සකස්කර ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාවට ලැබිය යුතු කොටස ලබාගැනීමට මෙසේ ඉල්ලීම් කර ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

මේ වනවිට සාර්ථක බවක් පෙන්නුම් කොට ඇති එම එන්නත නිෂ්පාදන ධාරිතාවය අනුව ලංකාවට ද ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරියේදී කටයුතු කරනු ඇතැයිද රමේෂ් පතිරණ මහතා කීවේය.

ඒ අනුව, ඉදිරි මාස තුනත් හ‍යත් අතර කාලයේදී ශ්‍රී ලංකාවට මෙන්ම ලොව අනෙකුත් රටවලට ද මෙම වෛරසයෙන් මිදීමට හැකි වනු අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එමෙන්ම, දේශීයව නිෂ්පාදිත ඖෂධ වෛරසයට එරෙහිව හොඳින් ප්‍රතිචාර දක්වන්නේ නම් වෛරසය මැඩලීමේ කෙටි කාලින ක්‍රියාමාර්ගයක් ලෙස ජනතාවට ලබා දීමට බටහිර වෛද්‍යවරුන්ගේ එකඟතාවය ද ලැබී ඇති බව ද ඒ මහතා මෙහි දී සඳහන් කළේය.

එහි සාර්ථකභාවය පරීක්ෂා කර බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමතිවරයා කීවේය.

Related posts

මිල ප්‍රදර්ශනය කරන ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක්

colombotoday

වෙඩික්කරුගෙන් කායවර්ධන උපදේශකවරයෙකු අනූනවයෙන් බේරෙයි

Admin

අසාද් සාලි නිදහස් කරන ලෙස, ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු කල මුස්ලිම් කවුන්සිලය පොලිස්පතිට ලියයි.

colombotoday

කුඩු හේමමාලාගේ සයකයෙක් අල්ලයි

colombotoday

නුවරඑළිය මහ නගර සභා නාගරික මන්ත්‍රිගේ සම්බාහන මධ්‍යස්ථානයකට ගිනි තියලා

colombotoday

සුනඛ පැටවුන් මෝටර් රියට යට කළ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිද අල්ලයි

Admin