Colombo Today Local News

උතුර-නැගෙනහිර අපට ඕන හැටියට කරන්නත්, නව ව්‍යවස්ථාව ගේන්නත් රනිල් පොරොන්දු වුනා..- TNA

උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු කටයුත්තක් දෙමළ ජාතික සන්ධානයේ අනුදැනුමකින් තොරව සිදුනොකරන බවට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වූ පොරොන්දුව මත තම සන්ධානයේ සහාය හිටපු අගමැතිවරයාට ලබා දුන් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එක්සත් ජාතික පෙරමුණට සහාය දීම වැදගත් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළ බවත් සිය ඉල්ලීම් කෙරෙහි රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ එකඟතාව පළවූ බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.

එක්සත් ජාතික පෙරමුණට සහය පළකිරීමේ ලිපිය ලබාදීමෙන් පසු තම ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්.සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලීමේන්තු කණ්ඩායම 29 දා සවස 4.30 ට පමණ අරලියගහ මන්දිරයේදි රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

එම හමුවේදි දෙමළ ජාතික සන්ධානය ලබාදෙන සහය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමින් ජාතික ගැටළුවට විසඳුම් ගෙන ඒම,ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම,දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ආරක්ෂක හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කිරීම වශයෙන් ඉල්ලීම් ගණනාවක් ඇතුළත් ලැයිස්තුවක් ඉදිරිපත් කළ අතර ඒ සියලු ඉල්ලීම් ඉටුකරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.

මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කිරීමටත් එකඟවී ඇති අතර තම පක්ෂයේ සහය ඇතිව පිහිටුවනු ලබන නව ආණ්ඩුවේ තනතුරු ලබා නොගත්තද උතුරු නැගෙනහිර කිසිදු ක්‍රියාවක් දෙමළ ජාතික සන්ධානයේ අවසරයකින් තොරව සිදුනොකළ යුතු බවට කරන ලද ඉල්ලීම එලෙසින්ම ඉටුකරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

මෙම හමුවට සිවඥානම් සිරිධරන් හා එස්.සිවමෝහන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් දෙදෙනා හැර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහභාගී වී තිබේ.

– lankadeepa

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගුටි කෙලියක – පුටුවලිනුත් පහර දෙයි.

colombotoday

වරායට විශ්‍රාමික සේවකයින් කැඳවයි

colombotoday

ජාතික දින සැමරුමට එළිසබෙත් මහ රැජිණ ඇතුළු ලොව රාජ්‍ය නායකයන්ගෙන් ජනපතිට සුබ පැතුම්

colombotoday

මහින්ද ඝාතනයට ආ කොටියාට සමිතා නවාතැන් දීලා.. ජොන්ස්ටන්ගේ කුප්‍රකට කොටි නැටුම නැවතත් කරළියට !

colombotoday

පදවිය වැවෙන් ජලය හොරකම් කළ තිදෙනෙක් රිමාන්ඩ්

Admin

තිදරු මවකගේ අසම්මත පෙම මරණින් කෙලවර වෙයි

colombotoday