Colombo Today Local News

මහින්ද හදිසියේම අගමැතිකම ගත් හේතුව ගෝඨා හෙළිකරයි…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවිස්සාවේල්ල, කොස්ගම ලැවෙන්රෝ ගාර්ඩන් හෝටලයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට සහභාගි වෙමින් මෙසේ අදහස් දැක්වූවිය.

අද සමහර අය අහන ප්‍රශ්නයක් තමයි මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට තව අවුරුදු එකහමාරක් හිටිය නම් තුනෙන් දෙකක බලයක් සමග ආණ්ඩුවක් පිහිටුවන්න තිබුණා නේද කියන එක. මම හොදින් දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒක කරන එක සුළු දෙයක් කියලා. නමුත් ප්‍රශ්නය වෙලා තිබුණේ අවුරුදු එකහමාරක් යනකොට අපේ රට මොන තත්ත්වයකට පත්වෙලා තියේවිද කියන එක. රට අනතුරේ හෙළා අපට පසෙකට වී බලාසිටින්ට පුළුවන් ද කියලා අප කාටත් හිතන්න වෙනවා.

එදා නොයෙක් අවස්ථා වල ලක්ෂ සංඛ්‍යාත ජනකායන් කොළඹට ඇවිල්ලා ඉල්ලා සිටියේ රට ආගාධයට ඇද දමන මේ රජය පලවා හැරලා නව රජයක් බිහිකරන්න කියන එක. ඒ වගේම මේ රටේ සිටින වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, ගොවියන්, කම්කරුවන් මේ සියලු දෙනාම බලා සිටියේ කවදද ඒ රජය එලවන්නේ කියලා. පැහැදිලිවම එයට හේතු තිබුණා. ආර්ථිකය වනසලා, රණවිරුවන් දඩයම් කරලා, රට බෙදන ව්‍යවස්ථා ගෙනැල්ලා, සෑම අංශයකින්ට රට පහළ ඇද දැමීමමයි පැහැදිලි හේතුව.

එදා රනිල් වික්‍රමසිංහ රජය බිහිකළේ විජාතික බලවේග. පසුගිය රජය වැටුණට පස්සේ ඔවුන් හැසිරුණු ආකාරයෙන් අපි දැක්කා කාට අවශ්‍ය රජයක් ද මේ රටේ තිබුණේ කියන එක. එදා ශබ්දයෙන් විමසපු විශ්වාසභංගය ස්ථිර වුණා කියනකොට කතානායක ගැලරියේ හිටපු බටහිර තානාපතිවරු අත්පොළසන් දුන්නා. විදෙස් තානාපතිවරු රටකට පත්කරන්නේ එවැනි කටයුතු කරන්න ද ?

වර්තමානයේ සියලුම රටවැසියන් දන්නවා හම්බන්තොට වරායේ ඉදලා අපේ සම්පත් විජාතිකයන්ට විකුණුවා, විකුණන්න සැලසුම් හැදුවා කියලා. නිදහස් වෙළඳ ගිවිසුම් හරහා රටට කරන්න ගිය දේ ගැනත් සියලුදෙනා දැනුවත්. රට බේරාගත් රණවිරුවන්ට සිදුකළ නිමක් නැති කරදර පිළිබඳව යළි යළිත් කියන්න අවශ්‍ය නැති බව මම හිතනවා.

මා දකින අභාග්‍යම සම්පන්න දෙය තමයි මොවුන් ගෙන එන්නට සැලසුම් කරලා තිබුණු ව්‍යවස්ථාව. බලරහිත ජනාධිපතිවරයෙක් බිහිකරලා, පාර්මේන්තුවේ බලය අඩු කරලා, ෆෙඩරල් රාජ්‍යයක් ඇති කරලා, පළාත් සභා වලට බලය ලබාදෙන වැඩ පිළිවෙලක් එහි අන්තර්ගත වෙලා තිබුණා.

පසුගිය රජය ගෙන ආ 19 වැනි සංශෝධනය හරහා අද රට වැටී ඇති තත්ත්වය දිහා බැලුවහම නව ව්‍යවස්ථාවක් සම්මත කරගත්තා නම් රට කුමන තත්ත්වයකට ඇද වැටෙයි ද කියලා කාටත් හිතාගන්න බෑ. නව ව්‍යවස්ථාවෙන් ගෙන එන්නට සැලසුම් කළ ව්‍යුහයක් තුළ බැරෑරැම් කාරණා කෙසේ වෙතත් රටේ එදිනෙදා පාලනයට අදාළ කටයුතු, අඩුම තරමේ සංවර්ධනයක්වත් සිදුකරන්නේ කොහොමද කියලා තීරණය කරන්න අපහසු තත්ත්වයකයි තිබුණේ.

මේ විදියට බලද්දි පසුගිය රජය පෙරළා දැමීමෙන් මව්බිමට සිදුවුණු විශාලතම ලාභය තමයි මේ වගේ රටට අහිතකර ව්‍යවස්ථාවක් ගෙන ඒම වැළැක්වීම.

රටේ ආර්ථිකය විනාශ කරපු, අපේ සම්පත් විදේශිකයන්ට විකුණා දැමූ, අපේ රණවිරුවන් යුධාධිකරණ වලට ගෙනයන්න හදපු, දේශීය කර්මාන්ත විනාශ කරපු, අපේ කෘෂිකර්මාන්තය, ගොවියා වළපල්ලට ඇද දැමූ, නව ව්‍යවස්ථා මගින් රටේ පාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම විනාශ කරන්නට සැලසුම් හැදූ ඒ රජයට තව අවුරුදු එකහමාරක් ඉදිරියට යන්නට ඉඩදෙනවාද, දෙන්න තිබුණා ද කියන පැනය තමයි අපිට තිබුණේ.

අද ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ඒත් ඡන්ද පැවැත්වීම ප්‍රජාතත්ත්‍ර විරෝධී කියා හංවඩු ගසනවා. සමහර විට බටහිර බලවේගත් සිතනවා ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ කියලා. එයයි රටේ අභාග්‍යසම්පන්න බව.

එදා කියූ යහපාලන කතා වලට ජනතාව රැවටුණු ජනතාවම ටික කාලයකට පස්සේ කියන්න පටන් ගත්තා අපට වැරදුණා කියලා. රටේ උන්නතිය උදෙසා එදා අප ගෙනගිය සියලු වැඩපිළිවෙලවල් ඇණහිටින කොට ජනතාව තේරුම් ගත්තා යහපාලනය යනු කටකතාවක් පමණයි කියලා.

අපි යම්කිසි ඉලක්කයකට යනවා නම් බාධක වලට මුහුණ දෙන්න සිදුවෙයි නමුත් ඒවා නොසලකා හැර අපි සියලු දෙනාම එකාවන්ව එක් වී යළිත් රට ගොඩනගන සටනට උරදෙමු, අපේ ඉලක්කය කරා යමු යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසුවා.

– එළිය මාධ්‍ය ඒකකය

Related posts

“පවතින ව්‍යවස්ථාව අකුළා දමා නව ව්‍යවස්ථාවක් ගේන්න ජනපති දැඩි ස්ථාවරයක” – ඇමති මංගල

colombotoday

රටවල් 197ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ලබා දෙයි

Admin

සයිටම් ආයතනය එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛණයට !

colombotoday

අතුරුදන් පනතට අපි ගෙනා සංශෝධනත් කුණු කූඩයට දමලා – ජවිපෙ

colombotoday

රිෂාඩ් බදු­යු­දීන් රාජ්‍ය මුදල් අව­භා­විත කර­මින් මන්නා­රමේ ඉදි­කි­රීම් කරලා

colombotoday

ආහාර ප්‍රතිපත්ති කමිටුවට කැබිනට් අනුමැතිය

colombotoday