Colombo Today Local News

2018 අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය අහලකටවත් එන්න බැරිවුණා… විදේශ සංචිත ඉතිරිව ඇත්තේ තව මාස 4කට පමණයි…

ලංකාවට දැඩි මුදල් ප්‍රතිපත්ති හඳුන්වාදීමටත් රාජ්‍ය පොලී අනුපාතික වැඩි කිරීමටත් ශ්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයකට පැමිණි බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

කුමාරස්වාමි මහතා මෙසේ පැවැසුවේ කොළඹ පිහිටි මහ බැංකු ශ්‍රවණගාරයේ ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.

මේ වනවිට අපේ රටේ ආර්ථිකය දැඩි අර්බුදකාරී තත්ත්වයකයි තිබෙන්නේ. ජාත්‍යන්තර පොලී අනුපාතික ඉහළ යෑම, ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම, විදේශීය ආයෝජකයන් ඔවුන්ගේ ආයෝජන ඉවත්කර ගැනීම, බොර තෙල් මිල ඉහළ යෑම ආදී කරුණු මෙම ආර්ථික අර්බුදයට හේතු වුණා.

ලබන වසරේ අපිට ලොකු අභියෝගයකට මුහුණ දීමට සිදු වෙනවා. මෙවැනි තත්ත්වයකදී දැඩි මුදල් ප්‍රතිපත්තියකට යා යුතුයි.

වසර 2018 දී ආර්ථික වර්ධන වේගයේ අපේක්ෂිත අගය අසලටවත් ළඟා වීමට හැකි වුණේ නැහැ. ආනයන අපනයන පරතරය වේගයෙන් වැඩි වුණා. මේ තත්ත්වයට මුහුණදීමට ආනයන සීමා කිරීම, පෞද්ගලික අංශයට ලබාදෙන ණය සීමා කිරීම, ස්ථාවර තැන්පතු සඳහා වූ රඳවා ගැනීමේ බදු අනුපාතිකය 8% දක්වා ඉහළ දැමීම, බැංකු පොලී අනුපාතික වැඩි කිරීම ආදී තීරණ ගැනීමට සිදු වූවා.

මේ වනවිට විදේශ සංචිත ඉතිරිව ඇත්තේ මාස හතරකට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා පමණයි. හම්බන්තොට වරාය බදු දීමෙන් අපට තව ඩොලර් මිලියන 650ක් ලැබීමට නියමිතයි. ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ආයෝජනය කිරීමට කටාර් වැනි විදේශීය රාජ්‍යයන් ඉදිරිපත් වී සිටිනවා. ඒ වගේම චීන සංවර්ධන බැංකුවේ ආයෝජන හරහා ලැබෙන මුදල්වලින් රට වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩඒමට හැකි වනු ඇතැයි විශ්වාස කරනවා. රාජ්‍ය බැංකු විදේශීය ආයෝජකයන්ට යටත් කිරීමෙන් අපට ඩොලර් මිලියන දහසක් පමණ ලබා ගැනීමට හැකි වෙනවා.

Related posts

අවසන් නිල ප්‍රතිඵලය තවම නෑ.. මැකො ජනතාවගෙන් සමාව අයදී

colombotoday

ඉතාලි තානාපති කාර්යාලය ළඟ තැරැව්කරුවන් මාෆියාවක – කොල්ලුපිටිය පොලිසියේ ඇතැම් නිලධාරීන් ද ජාවාරමට හවුල් බවට සැයක්

colombotoday

දිඹුලාගල මහ කන්දේ පිටසක්වල ජීවීන්ගේ නවාතැන්පොළක් හමුවේ

colombotoday

නෙළුම් කුළුණ හදන්න දීපු කෝටි 200ක් ආගිය අතක් නෑ – ජනපති කියයි

colombotoday

කාලගුණයේ සතුටුදායක වෙනසක්

Admin

සත්‍යප්‍රිය ලියනගේ ත් සමගි ජන බලවේගයට සහය පලකරයි

Admin