Colombo Today Local News

දකුණ මහ විපතක.. උතුරේ දෙමළ නායකයන්, විපක්ෂ නායක මීක් නෑ.. ජාතිවාදීන් කවුදැයි දැන් තේරෙයි !

මේ වන විට රට තුළ ඇති වී තිබෙන ආපදා අවස්ථාවේදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ දෙමළ ජාතික සන්ධානය සිය යුතුකම් පැහැර හැර ඇති බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිළ පැවසුවේ ඔවුන් ජනතාව අතරට පැමිණ දුක සැප හෝ බෙදා ගැනීමට ක‍්‍රියා නොකිරීම කණගාටුවට කරුණක් බවයි.

එහිදී ඔහු සඳහන් කළේ “පසුගිය සුනාමි අවස්ථාවේ..විශේෂයෙන් ත්‍රීකුණාමලය මඩකලපුව අම්පාර වැනි ප්‍රදේශවල වෙරළබඩ ජනතාව විපතට පත් වුණාම ඔවුන්ට සහන සැළසුවේ සිංහල ජනතාව. අද අපි බලං හිටියා දෙමළ ජනතාව, දෙමළ නාකයින් කෙළෙහිගුණ සළකනවා දකින්න. එහෙත් අපි දැක්කේ නැහැ..රටේ විපක්ෂ නායකයාවත් දෙමළ ජාතික සන්ධානයවත් කිසිම සහන ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවා. සහන ගෙනාවෙ නැති වුණාට කමක් නැහැ.. හැබැයි රටේ විපක්ෂ නායකයා හැටියට ඉස්සරහට ඇවිත් විපතට පත් ජනතාව සමග දුක බෙදා ගන්න තිබුණා. මේ විපක්ෂ නායකයාගේ සහ අනෙකුත් දෙමළ නායකයන්ගේ හැසිරීමෙන් පේන්නේ…සැබවින්ම මේ රටේ ජාතිවාදී දෙමළ නායකයින් බවයි.” යනුවෙනි.

මෙලෙස ක‍්‍රියා කිරිමෙන් රට තුළ සංහිඳියාව ගොඩ නැගීමට හැකියාවක් නොමැති බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිළ සඳහන් කළා.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

නෙත් නිව්ස්

Related posts

චීන යුවලක් සමග අපේ පොලිසිය GPS තාක්ෂණයෙන් හොරෙක් අල්ලයි

colombotoday

ජනතාවට ජාරාව කවා හසුවූ මොහොමඩ්ගේ caravan fresh බේකරිය – උලමලා හලාල් සහතිකයත් දීලා

colombotoday

උපයෝගීතා කොමිසම විදුලි බිල අඩුකරන්න අවසර දුන්නත් මණ්ඩලය බෑ කියයි

Admin

පළාත් අතර ධාවනය වන විශේෂ දුම්රිය පහක ගමන්වාර දහයක් අද සිට

colombotoday

යාපනේට රජයේ ප්‍රකාශන කාර්යාංශයක්

colombotoday

මත්ස්‍ය ප්‍රහාරයකින් ධීවරයෙක් මරු දකී

Admin