BusinessColombo Today Local News

නවතම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි

ලොව නිෂ්පාදනය කරනු ලබන වාහනවල ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබන බ්‍රිතාන්‍ය සමාගමක් වන Global NCAP (Global New Car Assessment Programme) ආයතනය සිය නවතම වාර්තාවක් පසුගිය දා එළිදක්වනු ලැබීය.

ඊට අනුව ඉන්දියානු මෝටර් රථ පහක මගී ආරක්ෂාව පවතින්නේ ඉතාම පහළ මට්ටමක බව අවධාරණය කර තිබේ. මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන ලද තරු (Star) ශ්‍රේණිගත කිරීම්වල දී මෙම වාහන වර්ග 5 ට කිසිදු තරුවක් හිමි වී නොතිබීම මෙහි ඇති වඩාත් විමසිලිමත් විය යුතු තත්ත්වයයි.

මෙලෙස මගී ආරක්ෂාව බිංදුවට දමා ඇති මෝටර් රථ පහ වනුයේ Renault Kwid, Maruti Suzuki Celerio, Maruti Suzuki Eeco, Mahindra Scorpio සහ Hyundai Eon යන මෝටර් රථ වර්ග පහයි.

– biz.adaderana.lk

table-768x653

 

Related posts

මුස්ලිම් රටවල් 10කින් ආ 1333 ක් සරණාගත ලේබලයෙන් දැන් ලංකාවේ – ඇමති මහින්ද හෙළිකරයි

colombotoday

2021 වසරේ අයවැය ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට

colombotoday

‘රතු ලකුණ’ ඉකි බිඳුණු ඇසුණේද?

colombotoday

පකිස්තානයේ සිරවී සිටි සිසුන් 113ක් ලංකාවට

colombotoday

නි. පොලිස්පති දේශබන්දු මානව හිමිකම් කොමිසමට

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 338 අත්අඩංගුවට

colombotoday