Colombo Today Local News

එකම පවුලේ තිදෙනෙක් කොවිඩ් ආසදිතව මියයයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි එකම පවුලේ තිදෙනෙකු මියගොස් ඇති පුවතක් මාලබේ ප්‍රදේශයෙන් වාර්තා විය.

එලෙස මියගොස් ඇත්තේ 86 හැවිරිදි පුද්ගලයෙක්, 96 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ 82 හැවිරිදි ඇයගේ බාල සහෝදරියකි.

කොවිඩ් ආසාදිතව පසුගිය අප්‍රේල් 22 වනදා එම තිදෙනාව IDH රෝහලට ඇතුළත් කර තිබුණු අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 3 වනදා ඔවුන් මියගොස් ඇත.

තලංගම පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන්ගේ මෘත දේහ සම්බන්ධ අවසන් කටයුතු මේ වනවිට සිදුකර ඇති බවය.

ඔවුන් මාලබේ උඩවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිට පිරිසකි.

අදාළ යුවලගේ දියණිය, ඇයගේ සැමියා සහ ඔවුන්ගේ පුත්‍රයා ද මේ වනවිට කොවිඩ් ආසාදිතව IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා විය.

Related posts

අස්වැසුම ප්‍රතිලාභය සහ ප්‍රගතිය ගැන, ලෝක බැංකු දේශීය අධ්‍යක්ෂ සමග සාකච්ඡාවක්

Admin

රුහුණු කුමාරි බූස්සේදී පීලි පනී

colombotoday

දෙවුන්දර මුහුදේ දී අධි තාක්ෂණික සැටලයිට් යන්ත්‍රයක් සමඟ 6ක් අල්ලයි

Admin

වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹයි

colombotoday

බාර් විවෘත කිරීම හොඳ තීරණයක්.. මිනිසුන් නීති විරෝධී මත්පැන් බීමෙන් වලකිනව

colombotoday

ඉන්දියාවේ සිට එන පූර්ණ එන්නත්කරණයට ලක් වූ ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

colombotoday