Colombo Today Local News

කොවිඩ් රෝගීන්ට පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබා ගන්නට අවස්ථාව ඉල්ලයි

කොවිඩ් රෝගීන් සඳහා එම රෝගීන් කැමතිනම් පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස වෛද්‍ය විශේෂඥයින් ඉල්ලීමක් කර තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග වෛද්‍ය විශේෂඥයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ඊයේ (03)දින පැවති හමුවකදී එම ඉල්ලීම කර තිබේ.

විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර, මහාචාර්ය අර්ජුන ද සිල්වා, මහාචාර්ය හේමන්ත දොඩම්පහළ, මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද, සහ විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ එම හමුව සඳහා එක්වී තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ පුද්ගලික අංශයේ ප්‍රතිකාර ලබාගැනීමට ආසාදිත පුද්ගලයින් කැමතිනම් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතු බවය.

එමගින් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇති තදබදය අඩු කරගත හැකි බවත් ඒ ඔස්සේ අඩු ආදායම්ලාභී ආසාදිතයින්ට අවස්ථාව ලැබෙන බවද ඔවුන් පෙන්වා දී තිබේ.

ඒ පිළිබඳව කොවිඩ් මර්දන කාර්ය සාධන බළකායට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ අනෙකුත් බලධාරීන්ට දැනුම් දී තීරණයක් ගන්නා බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබේ.

Related posts

ලංකාවේ අමතර විදුලිය අපනයනය කරන්න සාකච්ඡා කලා

Admin

“ඇමති ජෝන් යහපාලනය කැත කළා.. අගමැතිත් ජෝන්ට බැන්නා” – රන්ජන්

colombotoday

කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ටොන් 750ක් ගෙන්වීමට පියවර

colombotoday

කැබිනට් ඇමතිවරුන්ගේ අගෝස්තු වැටුප කොවිඩ් අරමුදලට

colombotoday

නිරෝධායනයට ලක් කොට සිටින පිරිසට ජන්දය දැමීමට අවස්ථාව නැහැ

colombotoday

Bodu Bala Senaබොදු සමුළුව බලන්ගොඩ – සජීවී විකාශය

colombotoday