මඩකලපුව මංගලාරාමධිපති අම්පිටියේ සුමනරතන හිමි විසින් සිදුකල ආරාධනයකට අනුව සියලු ජාතික සංවිධාන එකමුතුවෙන් ආරම්භකරන ලද ශාසනාරක්ෂක සභාව විසින් දෙසැම්බර් 3 වන සෙනසුරාදා දින වැනසීයන නැගනහිර බොදු උරුම නිරීක්ෂණය කිරීම සදහා විශේෂ සංචාරයක් සිදුකිරීමට නියමිතව ඇති අතර ඒ අතරතුර සිදුවිය හැකි ගැටුමක් සදහා සුදානම් වන ලෙස TNA මඩකලපුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වියලන්තේරියන් සතාසිවම් තම අනුගාමිකයන්ට උපදෙස් ලබාදී ඇති බව මඩකලපුව පොලිස් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.
ඒ අනුව විශේෂ ආරක්ෂක පියවරයන් සුදානම් කිරීමට ප්රදේශය භාර ජේෂ්ඨ පොලිස් නිලධාරීන් කටයුතු යොදමින් සිටින බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.