තමා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවත් නැතත් ජීවත් වන තුරා දේශපලනය කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
තමාගේ ජානවල දේශපාලනය ඇති බවත් තමා දේශපාලන ජීවියකු බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙතෙක් මේ රටේ ජනාධිපතිවරුන් බිහිවීමට පෙර ඔවුන් විපක්ෂ නායකකම හෝ අගමැති ධුරය දරා ඇති බවත් එහෙත් තමා ජනාධිපති ධුරයට පත් වූයේ ඇමැති ධුරයක් දැරීමෙන් අනතුරුව වීම විශේෂත්වයක් බවද මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේය.