Colombo Today Local News

දෛනික විදුලි කප්පාදුව තවදුරටත්

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳ වැටීම හමුවේ තාප සහ ජල විදුලි උත්පාදනය ඉහළ නැංවීමට පියවර ගන්නැයි, මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට උපදෙස් දී තිබේ.

කොමිසම මෙම උපදෙස් ලබාදී ඇත්තේ, දැනට ක්‍රියාත්මක පැය 3 යි විනාඩි 20 ක දෛනික විදුලි කප්පාදුව ඉහළ නැංවීමකින් තොරව පවත්වා ගැනීම සඳහායි.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ මෙගාවොට් 270 ක ජනන යන්ත්‍රයක් මේ වනවිට බිඳ වැටී තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින 05ක කාලයක් ගතවනු ඇති බවයි.

A සිට W කලාප කලාපයන්ට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයයි විනාඩි 20 ක් ද ලෙස අදත් විදුලිය කප්පාදු කෙරේ.

Related posts

එක්සත් ජනතා නිදහස් සන්ධානය අයවැයට විරුද්ධ වෙයි…

colombotoday

මහින්ද රාජපක්ෂත් ප්‍රභාකරන් වගේමයි.. ඔහු කරන්නෙත් ප්‍රභාකරන් කරපු දේමයි – විජයමුණි සොයිසා

colombotoday

වැට් බදු පනත සංශෝධනය පාර්ලිමේන්තුවට

Admin

අද – හෙට විදුලි කප්පාදු කාලසටහන මෙන්න

Admin

විමල්ට එරෙහිව රිෂාඩ්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

හිස්බුල්ලා ත්‍රස්තවාදියා පන්නනු…!!! ත්‍රිකුණාමලය ඇවිළෙයි…. පාර වසා, ටයර් පුලුස්සා ජනතාව විරෝධයේ…

colombotoday