Colombo Today Local News

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරේ

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ, නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ට්රි ග්‍රාම නිලධාරී වසම, එම දිස්ත්‍රික්කයේම හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝර්ඩයස් වත්ත අද(04)දින උදෑසන සිට හුදකලා කළ බවය.

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙනිය පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත ද අද උදෑසන හුදකලා කෙරිණි.

රත්නපුර දිස්ත්‍රික්කයේ හුදකලා කෙරුණේ, රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගඟුල්විටිය ග්‍රාම නිලධාරි වසම, රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර සහ කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරි වසමයි.

කොළඹ දිස්ත්‍රික්කයේ, මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ, විල්ලෝරවත්ත ග්‍රාම නිලධාරි වසම ද අද උදෑසන සිට හුදකලා කළ බව, කොවිඩ් – 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

Related posts

හිසට පිස්‌තෝලයක්‌ තියලා… ! ආනන්ද අලුත්ගමගේගෙන් හිටපු සභාපතිට මරණ තර්ජන

colombotoday

තෙල් නැතිව කැලණිතිස්සේ බලාගාරයක් නවතී

colombotoday

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ශ්‍රී ලංකාවට

Admin

සිලින්ඩර් ලයිස්තුවෙන් කංචන පාර්ලිමේන්තුවට?

Admin

බදු නැතුව පෙට්‍රල් 150ට දෙන්න පුළුවන්?

Admin

ගෘහස්ථ සංගීත සංදර්ශන ඇතුළු කිහිපයකට අද සිට අවසර

colombotoday