Colombo Today Local News

අඩු ආදායම් ලාභී පවුල් සඳහා මූල්‍ය සහන

රට තුළ දැනට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවයට පත්වී ඇති අඩු ආදායම් ලාභී පවුල් සඳහා සහන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව වැඩිහිටි දීමනාව,සමෘද්ධි දීමනාව, වකුගඩු සහ ආබාධිත දීමනා ලබන අඩු අදායම් ලාභී පවුල්වලට මෙම ප්‍රතිලාභය හිමිවනු ඇති.

පවුල් ඒකක මිලියන 3.34කට, මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා මාස තුනක් මෙම අමතර දීමනා ලබා දෙන බවයි අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක වෙමින් සඳහන් කළේ.

මේ සඳහා ලෝක බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 167ක් වියදම් කිරීමට නියමිතය.

ඒ අනුව, වැඩිහිටි දීමනාව රුපියල් 2000ක් ලබන පුද්ගලයින්ට, තවත් රුපියල් 3000ක් අමතරව ලබා දීමටත්, අවුරුදු 100ට වැඩි පුරවැසියන්ට රුපියල් 7500 දක්වා දීමනාව වැඩි කිරීමටත්, ආබාධිත දීමනාව ලබන පුද්ගලයින්ට රුපියල් 7500ක් දක්වා දීමනාව ඉහල නැංවීමටත් තීරණය කර තිබේ.

එමෙන්ම ආබාධිත දීමනාව ලබා ගැනීමට බලා පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයින්ට රුපියල් 5000ක මුදලක්ද, වකුගඩු දීමනාව ලබා පුද්ගලයින්ට අමතර 2500ක් ලබා දීමෙන් රුපියල් 7500ක මුදලක් ලබා දීමටත් පියවර ගෙන තිබේ.

සමෘද්ධි ප්‍රතිලාභලාභීන්ටද මෙම අමතර දීමනාව හිමිවන අතර, සමෘද්ධි ප්‍රතිලාභ ඉල්ලා ඇති තවත් ලක්ෂ 7කට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

“සිංහල පනතට මම වෛර කරනවා.. ඒ නිසා මම සිංහල ඉගෙන ගත්තෙ නෑ” – විග්නේෂ්වරන්

colombotoday

විපක්ෂ නායක ධුරය සජිත්ට !

colombotoday

රන්ජන්ගේ ප්‍රජා අයි­තිය වසර 11කට අහි­මියි | මහා­චාර්ය නීතිඥ ප්‍රතිභා මහා­නා­ම­හේවා

colombotoday

නීති විරෝධිව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 12ක් අත්අඩංගුවේ

Admin

තොණ්ඩමාන් “දෙමළ අධ්‍යාපන ඇමති“ කිරීම ව්‍යවස්ථාවට පටහැණියි…

colombotoday

අගමැතිගේ යෝජනාව ජනපති ස්ථීර කරයි.. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපති තනතුරට

colombotoday