Colombo Today Sports News

Video: සිදුවූ වරද බාර ගත් වෝනර් කඳුළු සලමින් ක්‍රිකට් දිවියෙන් සමු ගනී

තමන් යළි ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායමට කී‍්‍රඩා නොකරන බව එහි හිටපු උප නායක ඩේවිඞ් වෝනර් පවසනවා. පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත වසරක තරග තහනමකට ලක්ව සිටින ඩේවිඞ් වෝනර් සිඞ්නි නුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියාසිටියා.

පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත වසරක තරග තහනමකට ලක්ව සිටින ඩේවිඩ් වෝනර් සිඩ්නි නුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියාසිටියා. එහිදී ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ තමන් තවදුරටත් සිය කණ්ඩායමේ කී‍්‍රඩකයින් සමග කී‍්‍රඩා කිරීම දක්නට නොලැබෙනු ඇති බවයි.

දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගයකදී පන්දුව පළුදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වගකීම තමන් භාරගන්නා බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා. ඕස්ටේ‍්‍රලියාවට කීර්තියක් අත්කර දීම සිය කි‍්‍රකට් දිවියේ අරමුණ වූ බවයි වෝනර් ප‍්‍රකාශ කර ඇත්තේ. තරග තහනමට ලක්වීමෙන් පසු මුල්වරට මාධ්‍ය හමුවක පෙනී සිටිමින් ඔහු මෙම අදහස් පළ කළා. එමෙන්ම සියළු කී‍්‍රඩාලෝලීන්ගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවද වෝනර් ප‍්‍රකාශ කර තිබෙනවා.

Related posts

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

ශ්‍රී ලංකා පාපන්දුව සුලි කුණාටුවකට අහු වෙයි… ශ්‍රේණිගතකිරීම්වලින් පහළටම ඇද වැටෙයි…

colombotoday

කළමනාකාරිත්වය විවේචනය කරමින් මොහොමඩ් අමීර් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි

colombotoday

ශිකර් ධවාන් ගේ ශතකය දිල්ලි කැපිටල්ස්ට ජය ගෙනෙයි

colombotoday

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තරගය අද

colombotoday

IPL වෙනුවෙන් ඉන්දියාවට ආ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා අභාවප්‍රාප්ත වෙයි

colombotoday