Colombo Today Local News

කොටින්ට වස දුන්නාදැයි හොයන්න ඇමරිකානු වෛද්‍ය කණ්ඩායමක් ඇවිත්.. අනුග්‍රහය NGOවකින් !

ltte4626පුනරුත්ථාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයන් විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්කිරීම සදහා අමෙරිකානු විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් උතුරු පළාතට පැමිණ ඇතැයි වාර්තාවේ.

විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පැමිණ සිටින බව උතුරු පළාත් සභාව රැස්වූ අවස්ථාවේදී අනාවරණ වී තිබේ.

එම පළාත් සභාවේ ඉල්ලීමක් මත පැමිණ සිටින මෙම කණ්ඩායමට රාජ්‍ය නොවන සංවිධානයක් මගින් අවශ්‍ය වියදම් දරණ බවද මෙහිදී අනාවරණ වී ඇත.

උතුරු පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මහතා මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ දෙමළ ජාතික සන්ධාන මන්තී‍්‍ර එම් කේ සිවාජිලිංගම් මහතා නැගූ ප‍්‍රශ්නයකට ප‍්‍රතිචාර දක්වමිනි.

පුනරුත්ථාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයන්ගේ ශරීරවලට විෂ එන්නත් කොට ඇත්දැයි සොයාබැලීම කඩිනම් කළයුතු බව එහිදී සිවාජිලිංගම් මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කර ඇත.

ඒ පිළිබදව කලබල නොවිය යුතු බවත් අමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් අදාළ පරීක්‍ෂණ කටයුතු සිදුකරගෙන යන බවත් පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කර තිබේ.

පුනරුත්ථාපනය වූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන්ගේ ශරීරවලට විෂ එන්නත් කොට ඇත්දැයි සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවට උතුරු පළාත් සභාවට පසුගියදා යෝජනාවක් ඉදිරිපත්විය.

(නෙත් නිව්ස්)

Related posts

ජනපතිගේ හපන්කමක් නිසා බිලියන 4.7ක් රටට පාඩුවෙලා

colombotoday

“හිරිකිතයි, ලැජ්ජයි, ද්‍රෝහියෝ වෙනවා” – මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සංහිදිය ආණ්ඩුව පට්ටගසයි

colombotoday

ජනපතිගේ ගමේ පොදු වැසිකිලියේ දිවි ගෙවන අසරණ පවුලක්

colombotoday

බලපත්‍ර නැති බස් රථ සොයා දීපව්‍යාප්ත වැටලීම්

Admin

ක්‍රීඩා අමාත්‍යංශයේ වියදමින් නොර්වේ ගිය මල්ලවපොර කළමනාකරු අතුරුදන්

colombotoday

ජනපති සමග එක්වී එජාප ඇමති වජිරත් FCID ය පතුරු අරී

colombotoday