Colombo Today Local News

මුදලට ගංජා ප්‍රවාහනය කල සිවිල් ආරක්ෂකයා මාට්ටු

නෙරියකුලමේ සිට යතුරු පැදියකින් රුපියල් දෙලක්ෂ විසි දහසක් වටිනා කේරල ගංජා කිලෝ එකක් රැගෙන යමින් සිටි සිවිල් ආරක්ෂක භටයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සියඹලාගස්වැවදි අත්අඩංගුවට ගත්බව මැදවච්චිය පොලිසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙරියකුලම ප්‍රදේශයේ රාජකාරියේ නිරත 39 හැවිරිදි සිවිල් ආරක්ෂක භටයෙකු සහ එම ප්‍රදේශයේම පදිංචි 58 හැවිරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි.

පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලිමේදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් කේරල ගංජා ප්‍රවාහනය කරදෙන එක්වතාවකට සැකකාර සිවිල් ආරක්ෂක භටයාට රුපියල් දස දහසක් ලබාදෙන බවට පොලිසිය විසින් සිදුකළ මුලික විමර්ෂණයේදි අනාවරණයවු බවද පොලිසිය සදහන් කරයි.

සැකකරුවන් මේ ආකාරයට දිර්ඝ කාලයක් තිස්සේ මැදවච්චිය ප්‍රදේශයට මෙලෙස කේරල ගංජා රැගෙනවිත් ඇති බවද පොලිසිය කියයි.

සැකකරුවන් අද (24)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

Related posts

නුවරඑළිය හැඩකරමින් මල් තුහින තත්ත්වයක්

Admin

ඉති­හා­සයේ ප්‍රථම වතාවට දෙමල සන්ධානය එලියට විසි වෙයි | උප්පු­වේ­ලි­න­ගර කඩ­වත් සතර ප්‍රා/ සභාවේ බලය පොහො­ට්ටු­වට

colombotoday

ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයත් මාසකට ලක්ෂ 96ක කුලී ගොඩනැගල්ලක !

colombotoday

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

බැදුම්කර කුණු ගෑවුණ අජිත් පී පෙරේරා අධිකරණ ඇමතිකමට ඉව අල්ලයි !

colombotoday

සර්ව පාක්ෂික සමුළුවේදී ගත් තීරණවල ප්‍රගතිය ගැන ජනපති ඇමති මණ්ඩලයට දැනුම් දෙන්න සූදානම්

Admin