Colombo Today Local News

තත්වය බරපතලයි.. උතුරේ සන්නද්ධ කණ්ඩායම් නැගිටිනවා – බුද්ධි අංශ අනතුරු අගවයි

awaa affnaදිනෙන් දිනම ඉහළ යමින් තිබෙන උතුරු පළාතේ තිබෙන පාතාල සන්නද්ධ කණ්‌ඩායම්වල ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී බරපතළ තත්ත්වයන්ට මුහුණදීමට සිදුවනු ඇතැයි බුද්ධි අංශ අනතුරු අඟවයි.

විශේෂයෙන්ම “ආවා ගෲප්” නමැති පාතාල කණ්‌ඩායම සිය ක්‍රියාකාරකම් ඉහළ දමා තිබෙන බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියි.

මන්නා පිහිවලින් සහ කඩුවලින් සන්නද්ධව යතුරුපැදිවලින් ගොස්‌ විවිධ අපරාධ සිදුකිරීම නිසා ආවා ගෲප් කල්ලිය යාපනය පුරා භීෂණය පතුරුවා හරිමින් සිටිති.

යාපනය චුන්නාකම් ප්‍රදේශයේදී පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු කපා කොටා තුවාල කරනු ලැබුවේ තම කල්ලිය විසින් බවත් එය සිදුකරනු ලැබුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු ඝාතනය කිරීමට එකට එක කිරීමක්‌ ලෙස බවත් කියමින් ආවා ගෲප් කල්ලිය යාපනය නගරය පුරා අත් පත්‍රිකා බෙදාහැර තිබිණි.

ආවා ගෲප් කල්ලිය අත් පත්‍රිකා බෙදූ බව කියන සිද්ධිය පොලිසිය ප්‍රතික්‍ෂේප කරන අතර ඔවුන් පවසන්නේ යාපනය ප්‍රදේශයේ ජනතාව භීතියට පත්කිරීමට සංවිධානාත්මක පිරිසක්‌ මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ඉහළ පෙළේ පරීක්‍ෂණයක්‌ මේ වන විට ආරම්භ කර ඇති බව උතුරේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය. කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ සරසවි ශිෂ්‍යයන් දෙදෙනාගේ මියයැමේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරේ පවතින උණුසුම පහව ගිය පසු මෙම සන්නද්ධ පාතාල කල්ලි මර්දනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

යාපනය චුන්නාකම් ප්‍රදේශයේදී පොලිස්‌ නිලධාරීන් ඉලක්‌ක කර සන්නද්ධ පිරිසක්‌ ප්‍රහාරය එල්ල කළ බව කියන සිද්ධිය පොලිසිය විසින් ප්‍රතික්‍ෂේප කරන අතර ඊට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ක්‍රියාත්මක කරන බව ද පවසයි.

දිවයින

Related posts

රජයේ ගිණුම් රාජ්‍ය බැංකුවලින් පුද්ගලික බැංකුවලට මාරු කිරීමට තීරණයක්

colombotoday

ඇඹිලිපිටිය තරුණයා මියගියේ කැපුම් තුවාල වලින්.. පොලිස් පහරදීමෙන් නොවේ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

හිටපු ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති රවී සෙනෙවිරත්න CIDයට

colombotoday

ආයතන පවත්වාගෙන යන්න මුදල් නෑ – මඟ නැඟුම සියලුම සමාගම් විසුරුවා හරී

Admin

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අද

colombotoday

අගෝස්තු 20 වැනිදා ශ්‍රී ලංකාව රුපියල් බිලියන 29 ක් මුද්‍රණය කරලා.

colombotoday