Colombo Today Local News

විභාග රාජකාරියේ යෙදෙන නිලධාරීන්ට ප්‍රමුඛතා පදනම මත ඉන්ධන

අපොස සාමාන්‍ය පෙළ විභාග රාජකාරි සඳහා යොදවා ඇති රාජ්‍ය නිලධාරින්ගේ වාහන සඳහා ප්‍රමුඛතා පදනම මත ඉන්ධන නිකුත් කෙරෙන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය පවසයි.

විභාග රාජකාරි යොදවා ඇති නිලධාරීන් හෙට(22) දිනයේ පස්වරු 3 සිට පස්වරු 5 අතර කාලය තුළ තමා පදිංචි ප්‍රදේශයේ ළඟම පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත ගොස් තම පත්වීම් ලිපිය සහ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර ඉන්ධන ලබා ගැනීමට හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා සදහන් කරයි.

ඒ පිළිබඳව ලංකා ඛනිජ තෙල් සංස්ථාව් සභාපතිවරයා මගින් ඉන්ධන පිරවුම්හල් කළමනාකාරවරුන් දැනුවත් කර ඇතැයි ද ඔහු පවසයි.

ඒ අනුව හෙට(22) දිනයේදී විභාග රාජකාරි සඳහා පත්වීම් ලද නිලධාරින්ගේ පුද්ගලික වාහන හා යතුරු පැදි සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබා ගැනීමට හැකිවනු ඇති.

Related posts

තහනම නොතකා සිපෙට්කෝ තවමත් ග්ලයිෆොසේට් විකුණයි!

colombotoday

ලංගමට සුඛෝපභෝගී බස් 200ක් මිල දී ගන්න කැබිනට් අනුමැතිය

colombotoday

මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක්….

colombotoday

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1120ක් අත්අඩංගුවේ

colombotoday

සීමා නීර්ණය කිරීමේ කමිටු සභාපති ධුරයට කේ. තවලිංගම් පත්කෙරේ

colombotoday

“හතළිහක් විපක්ෂයේ වාඩි වුනේ විපක්ෂනායකගේ කණ්ඩායමට නෙමෙයි”

colombotoday