Colombo Today Local News

මුස්ලීම් කොවිඩ් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්

කොරෝනා වෛරසය වැළදී මිය යන මුස්ලීම් ජාතිකයන්ගේ මෘතදේහ මඩකළපුව ඔට්ටමාවඩි කොරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද ඉඩමක් භූමදානය සඳහා තෝරාගෙන ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය එම්. එස්. එස්. අමීර් අලී මහතා පවසයි.

ඒ අනුව භූමදාන කටයුතු සඳහා වළවල් හෑරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසීය.

සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා ප්‍රදේශයේ වගකිව යුතු නිළධාරීන් පැමිණ මෙම භූමිය නිරීක්ෂණය කර කොරෝනා මරණ භූමදානය සඳහා එම ඉඩම සුදුසු බව තහවුරු කළ බවද ඔහු කීය.

අමීර් අලී මහතා වැඩිදුරටත් පැවසුවේ කොරෝනා මරණ සඳහා තෝරා ගෙන ඇති භූමිය අක්කර දෙකක පමණ වන භූමියක් බවත් එය ගංවතුර හා දැඩි වර්ෂා කාල වලදී මුස්ලීම් ජාතිකයින්ගේ සිරුරු භූමදානය සඳහාම වෙන් කර තිබුණු භූමි ප්‍රදේශයක් බවයි.

Related posts

සංඝආඥාවක් නිකුත් කෙරේ… රට බෙදෙන 20 එපා… මහා සංඝරත්නය ඒකමතිකව තීරණය කරයි

colombotoday

‘මක්කම යනවා කියා ගිය මුස්ලිම් 36ක් සිරියාවට ගිහින්.. පිරිසක් ISIS ත්‍රස්තයන්ට එක්වෙලා’ – ආරක්ෂක ලේකම්

colombotoday

දිවයින පුරා ප්‍රදේශ රැසක විදුලිය බිද වැටෙයි

colombotoday

කරපු වැඩකුත් නෑ.. උමා ඔය සහන අරමුදලෙන් රු මිලියන 500ක් ඉවර වෙලා !!

colombotoday

උද්ධමනය 40% ඉක්මවීමේ අවධානමක. මහ බැංකුව පසුගිය සති දෙකේදී බිලියන 104ක් අච්චු ගහලා

colombotoday

ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

Admin