Colombo Today Local News

නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් ඉන්දියාව දුන් ඇ.ඩො.මි. 400ක මුදල නැවත ඉල්ලයි

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 400ක ‘හුවමාරු ණය’ (SWAQ) ඉන්දියාවට වහාම ආපසු ලබාදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පමණක් සංවර්ධනය කරන බව ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ප්‍රකාශ කර පැයක පමණ කාලයක් ඇතුළත ඉන්දියාව විද්‍යුත් තැපෑල ඔස්සේ පණිවුඩයකින් ​මෙම දැනුම්දීම කර ඇතැයි පැවසේ.

කොවිඩ් වසංගතයෙන් දැඩි බලපෑමට ලක්වූ මෙරට විදේශ සංචිත ඉහළ නැංවීමට හා රටේ මූල්‍ය ස්වාධීනත්වය සහතික කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු පහසුකම ලබාදීම සඳහා ඉන්දියානු සංචිත බැංකුව (RBI) සමග ගිවිසුම් අත්සන් කරන ලද්දේ 2020 ජූලි මාසයේදීය. මෙම ණය පහසුකම 2022 වසරේ නොවැම්බර් මාසය දක්වා ක්‍රියාත්මකවීමට නියමිතව තිබිණි.

මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කරන ලද විමසීමකදී මෙම පුවත හෙතෙම තහවුරු කළේය. එසේම මෙම ණය මුදල් ආපසු ගෙවීමට සිදුවන්නේ අදාළ කල්පිරීමේ දිනයේ පවතින ඩොලරයේ අගය බැවින් ණය මුදල මේ මොහොතේ ලබාදීමට සිදුවුවහොත් සැලකියයුතු අතිරේක මුදලක් ගෙවීමට සිදුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

Related posts

ජනතාව සීනි වලින් මුදවා ගැනීමට පැණිබීම වලට නව බද්දක්

colombotoday

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් මේ ආණ්ඩුව ජනතාව ඉදිරියේ පරාදයි – රතන හිමි අගමැතිට එරෙහි වෙයි

colombotoday

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි

Admin

“මට වැරදුණා.. මෛත්‍රීටත් වැරදුණා” – 2015 ගෙදර යන්න වුණ හේතුව මහින්ද කියයි

colombotoday

සිංහල-දෙමළ-මුස්ලිම් වෙන වෙනම නීති ඉවතට… 2001 බුද්ධශාසන ජනාධිපති කොමිෂන් වාර්තාව යළි කරළියට

colombotoday

අගමැති දැනුම් දීමෙන් දෙරණේ සංඛ නැවතත් සේවයේ

colombotoday