Colombo Today Local News

එජාප පොළොන්නරුව සංවිධායකයා රිමාන්ඩ්

අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීමට ගිය පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාරි ඉංජිනේරු අසේල උදයංග මහතාගේ රාජකාරියට බාධා කළ පොළොන්නරුව එජාප සංවිධායක සුජීව ගුණතිලක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොළොන්නරුව අධිකරණය නියෝග කර තිබේ.

ඉංජිනේරුවරයාට පහර දීම සම්බන්ධයෙන් එක් සැකකරුවකු සිද්ධිය වූ දිනයේදීම පොළොන්නරුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (15) දක්වා බන්ධනාගාරගත කර ඇත.

එනමුත් ප්‍රධාන සැකකරු වන පොළොන්නරු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුජීව ගුණතිලක අත්අඩංගුවට නොගැනීම නිසා පොළොන්නරුවේ වාරිමාර්ග කාර්යාලවල නිලධාරීන් ඇතුළු ගොවි සංවිධාන රැසක් විරෝධතාවක යෙදුණු අතර එයට සමගාමීව පෙරේදා (14) රටපුරා විරෝධතාවක්ද පැවැත්විණි.

මේ විරෝධතාකරුවන් පවසා සිටියේ ඉංජිනේරුවරයාට පහර දුන් ප්‍රධාන සැකකරු වන පොළොන්නරු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා අත්අඩංගුවට ගන්නා ලෙසයි.

ඒ අනුව පොලිසිය මඟින් ගුණතිලක මහතා අත්අඩංගුවට ගෙන පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් දෙදෙනාම ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීතිවිරෝධීයි… අපි දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා – ජවිපෙ කිපේ

colombotoday

ත්‍රස්තවාදය නිමා කළ රණවිරුවන්ට අත නොතබනු.. ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ජිනීවාහිදී විදි බසී

colombotoday

බන්ධනාගාර ගතකර සිටි කුලියාපිටියේ, බුදු පිළිමයකට හානි කළ ඉන්දීය ජාතිකයා මිය යයි

colombotoday

බාධක රැසක් මැද විමල්ගේ දියණියත් සා/පෙළ ඉහළින් දිනයි.. A-9 යි..

colombotoday

ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් අයෙක් ජීවිතක්ෂයට

Admin

ජාතික ආරක්ෂාව කමිටුවෙන් සරත් ෆොන්සේකා ඉවත් වෙයි

Admin