Colombo Today Local News

කොළඹ මහ නගරසභා වෙබ් අඩවියෙන් සිංහල භාෂාව ඉවත් කරයි

කොළඹ මහ නගර සභා නිල වෙබ් අඩවියෙහි සිංහල මාධ්‍යයෙන් තොරතුරු ලබා දීම හෙට (3) සිට නතර කෙරෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මීට හේතු වී ඇත්තේ දැනට එහි සිංහල මාධ්‍යයෙන් තොරතුරු යාවත්කාලීන වීමේදී තාක්ෂණික දෝෂයක් මත කරුණු විකෘති වීමය.

මෙතෙක් කල් එහි විස්තර ලබා දී ඇත්තේ ගූගල් තාක්ෂණය ඔස්සේ වචනයට වචනය ගලපා පරිවර්තනය කිරීමෙන් වන අතර මේ නිසා නගර සභා තොරතුරු වෙබ් අඩවියෙහි සඳහන් වීමේදී ලබාදෙන්නේ විකෘති අර්ථයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස් දමයන්ති මල්ලවආරච්චි මහත්මිය පැවැසුවේ එම තොරතුරු යාවත්කාලීන කිරීම බාහිර සමාගමක් මගින් සිදුකෙරෙන බවයි.

සිංහල මාධ්‍යයෙන් තොරතුරු යාවත්කාලීන කිරීමට අමතර ගෙවීමක් කිරීමට සිදු වන බව ද මල්ලවආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

Lankadeepa

Related posts

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද? – තීරණය අනිද්දා

colombotoday

“ෆැන්ටා, ස්ප්‍රයිට් විෂ සහිතයි“ අධිකරණයෙන් තීන්දුවක්

colombotoday

පොලිසියට තග දා සූදූ කෙළි කැරලි මර්දනයේ පී.සී අත්අඩංගුවට

Admin

පූජිත පොලිස් සේවයක් වෙනුවෙන් පූජිත්ගේ වගකීම පුරවැසියෙකුගේ ඇසින්

colombotoday

ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල 40%කින් ඉහළට

colombotoday

පියා හිසට කෙටු කඩු පහරින් පස් මසක බිළිඳිය මරුට | නැන්දණියගේ අත වෙන් කරලා.. මාමණ්ඩියගේ ඇඟිලිත් කපලා

colombotoday