Colombo Today Local News

මේ රට අදවන විට භාරකාරයෙක් නැති රටක් බවට පත් වෙලා…

ඇතැම් පුද්ගලයින් රටේ පාලන බලය ලබා ගැනිමට සිදුකරන විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් වර්තමානයේ රට භාරකාරයෙක් නොමැති තත්ත්වයකට පත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

2020 වන තෙක් මේ රට පාලනය කිරීමට ආණ්ඩුවට වගකීමක් ඇති බවත් නමුත් ප්‍රාදේශීය සභා මැතිවරණයක ප්‍රතිඵල සමඟ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව කිසි විටෙකත් කලබල විය යුතු නොවන බවත් අමාත්‍යවරයා කියා සිටී.

අනවශ්‍ය බලපෑම් කිරීම තුළින් රට කිසි විටෙකත් ඉදිරියට නොයන බවත් අද වන විට සිදුව ඇත්තේ එය බව ද ඔහු සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා හානි වු ගොවින් සඳහා වන්දි ප්‍රදාන උත්සවයකට එක්වෙමිනි.

Related posts

ජනපති – අගමැති අනුමැතිය ලැබේ.. ග්ලයිපොසෙට් තහනම් ඉවත් කෙරේ

colombotoday

ඇමති විජයමුණි සොයිසාගේ යාන් ඔයේ වැලි කොල්ලය

colombotoday

ජනපති මෛත්‍රී අවසන් වරට ජාතිය අමතයි (LIVE)

colombotoday

ලංකාවේ අරක්කු රටවල් තිස් පහක් මත් කරයි

Admin

උතුරට රැකියා දෙන්න පුදුකුඩුඉරිප්පු ඇගළුම් කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත කෙරේ

colombotoday

දුක අස්සේ Dialog තුප්පහි වැඩක. | සිග්නල් නැතිව ටොයිලට් එක උඩ උගන්වන හාමුදුරුවන්ගේ ගමට ඇවිත් ගම්මුන්ගෙන් 3000 ගානේ එකතු කරයි.

colombotoday