Colombo Today Local News

අගමැති දැන් එක්ස්පයර්… රන්ජන් බැට් කරන්න ඉල්ලයි (Video)

සියල්ලන්ටම කල් ඉකුත් වීමේ දිනයක් ඇති නිසා තමන්ටත් බැට් කිරීමට අවස්ථාවක් දෙන්නැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලයි.

අගමැති රනිල්ට බැට් කිරීමට බොහෝ අවස්ථා ලද බවත්, දැන් සජිත්, නවීන් ආදී පිරිසටද ඊට අවස්ථාව ලබා දියු යුතු බවද හෙතෙම කියා සිටී.

“නෑ මං අවුට් නෑ.. මට ආයේ බැට් කරන්න ඕන“ කියමින් පොඩි කාලෙ සෙල්ම් කරනව වගේ හැම වෙලේම එතුමාම බැට් කරන්න ඉල්ලන එක වැරදියි. ඒක හොද මදි. එතුමම කියන්න ඕන රන්ජන් දැන් ඔයා බැට් කරන්න මම බෝල් කරන්නම් කියලා. යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

2002දී බැට් කරන්න දුන් අවස්ථාවෙන් අගමැතිවරයා සෙන්චරියක් ගසා 2004දී අවුට් වූ බවත්, 2010 දී 2015 දී වෙනත් පිතිකරුවන් ආනයනය කර පසුපෙල සෙල්ලම් කළ බවත් හෙතෙම කියා සිටියේය.

නව ක්‍රීඩකයන්ට බැට් කිරීමට අවස්ථාව ලබා දුන්හොත් සුපිරි ක්‍රිඩයන් බිහිවනු ඇති බවද රන්ජන් රාමනායක මහතා කියා සිටියේය.

Related posts

බෙදුම්වාදී ව්‍යවස්ථාව සහ අප ගත යුතු මග – ඥාණසාර හිමිගෙන් ප්‍රකාශයක් (Video)

colombotoday

විදුලි ඒකකයකට අය කෙරෙන තරු විසිවෙන ගාස්තු ක්‍රමය මෙන්න

Admin

ජනපතිට “වෙඩි තියනවා“ කියා ෆේස්බුකියේ ලියූ තරුණයෙක් රිමාන්ඩ් කරයි !

colombotoday

බොදු බල සේනා දිවිසරණ දෙවැනි දිනටත්.. බේදයක් නෑ, අවතැන් මුස්ලිම් ජනතාවටත් අත හිත

colombotoday

වැඩ බලන ජනාධිපති ධූරයේ රනිල් දිවුරයි

colombotoday

කොවිඩ් ආසාදිතව මිය ගිය සේවකයාගේ බිරිදට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රැකියාවක්

colombotoday