Colombo Today Local News

ත්‍රීවිල් මීටරෙන් ගැහිල්ලක්… කොමිස් කන දේශපාලකයෝ කවුදැයි හෙළි කරයි !

ත්‍රිරෝද රථ මීටරයෙන් කොමිස්‌ ගහන ආණ්‌ඩුවේ දේශපාලනඥයන්ගේ නම් ගම් සහිතව හෙට (24 වැනිදා) වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිලි කරනවා. මේ ගැන ජනාධිපතිතුමාවත් දැනුවත් කරනවා” යෑයි ලංකා ස්‌වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඊයේ (22 වැනිදා) පැවසීය.

තවදුරටත් කතා කළ හෙතෙම මෙසේ ද පැවසීය.

යහපාලන ආණ්‌ඩුව දැන් ත්‍රිරෝද රථ රියෑදුරන්ට මීටරේ අනිවාර්යය කරලා මෙතන ලොකු මුදල් මංකොල්ලයක්‌ වෙනවා. මෙසේ ගෙන්වන මීටර්වලින් ආණ්‌ඩුවේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනෙක්‌ හොඳට කොමිස්‌ ගහනවා. තව ඉන්නවා. ඒ අයගේ නම් ගම් එක්‌ක අපි අඟහරුවාදාට වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිලි කරනවා.

මේ ත්‍රීවිල් මීටරයක්‌ ආණ්‌ඩුවට තාමත් රුපියල් 3000 කට දෙන්න බැරිවෙලා. මේ ආණ්‌ඩුව අපි වගේ පුංචි මිනිසුන්ව හූරාගෙන කනවා. දේශපාලන බලය යොදාගෙන මේ කරන කොමිස්‌ ගැහිල්ල අපි රටටම හෙළිකරනවා. මගී ත්‍රීරෝද රථ වෘත්තියේ යෙදෙන රියෑදුරන් අද හරිම අමාරුවෙන් පීඩනයකින් ජීවත්වෙන්නේ.

දැන් මීටරේ වගේම මගියාට බිල්පතක්‌ නිකුත් කිරීම අනිවාර්යය කරලා. මේකත් ප්‍රායෝගික නැහැ. මේකට අපි විරුද්ධයි. මේක මගියා හා ත්‍රිරෝද රථ රියෑදුරා අතර ගැටුමක්‌ ඇති කිරීමේ අරමුණින් රජය කරනු උප්පරවැට්‌ටියක්‌.

දිවයින

Related posts

අගමැති මහින්ද ඉල්ලා අස්වීමේ ගැසට්ටුව නිකුත් කෙරේ

colombotoday

ජනපති වියානා ඇලට වැට බඳී

colombotoday

දේශපාලනය අර්බුදය නිමා කර නැවතත් රනිල් අගමැති කිරීම ගැන යුරෝපා සංගමය සතුට පළකරයි

colombotoday

අල්ලස් ගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

උතුරු කොරියාවේ ”පළමු කොරෝනා වෛරස් ආසාධිතයා” මරා දමයි !

colombotoday

පුත්තමේ පුපුරා ගියේ ක්ලේමෝ බෝම්බයක් දැයි සැකයක්

colombotoday