Colombo Today Local News

එජාප කොළඹ බලකොටුව අවධානමේ… රෝසිට ගෙදර යන්න වෙන ලකුණු !

එක් මන්ත්‍රී ආසනයක වැඩි ඡන්දයෙන් කොළඹ මහ නගර සභාවට තේරීපත්වී සිටින එක්සත් ජාතින පක්ෂයේ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ තනතුර අවදානම් තත්ත්වයක පවතින බව වාර්තා වේ.

නගරාධිපතිනියගේ තනතුර ආරක්ෂා කර ගැනීමට නම් තම සංවිධානය නියෝජනය කරනු ලබන සභිකයන් දස දෙනාගේ සහය ගතයුතුව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් එක්සත් ජාතික පක්ෂ නායකත්වය හෝ කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනිය හෝ සාකච්ඡා කර නොමැති බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

ඉදිරි අයවැය විවාදයේදී එජාපයේ එක් මන්ත්‍රීවරයකුගේ සහය නොලැබුණහොත් නගරාධිපතිනිය එම ධූරයෙන් ඉවත්වීමේ අවදානමක් පවතින බැවින් තම සංධානයේ සහය ගැනීම අනිවාර්ය වී ඇති බව ඔහු කියා සිටී.

කෙසේවුවද ඒ සඳහා එජාපය උනන්දු නොවීම කනගාටුදායක බවද ඔහු පැවසීය.

පාළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී මාස එකහමාරකට අධික කාලයක් ගතවී ඇතත් දෙමළ ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන් සමඟ හෝ එම සන්ධානයේ සභාපතිවරයා වන තමා සමඟ මේ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකිරීම නිසා එජාපය හා තමා කළකිරීමෙන් සිටින බවද ඔහු කියා සිටියේය.

srilankamirror

Related posts

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

සිමෙන්ති මිළ ඉහළට…

colombotoday

අයි.එම්.එෆ්. රාජ්‍ය සේවකයන් අඩු කරන්න කියනවා

Admin

මඩකලපුවෙන් අත්බෝම්බ 24ක් සොයා ගැනේ

colombotoday

විල්පත්තු සංහාරය නොනවතී.. බදුර්දීන්ට යටවූ වන නිලධාරීන් ජනපතිත් අන්දන්න යයි (Video)

colombotoday