Colombo Today Local News

ජාතික පොලිස් කොමිසමේ ලේකම් ඉවතට

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (20) සිට එම ධුරයෙන් ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණයක කර තිබේ.

අද උදෑසන පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් රැස්වී මේ පිළිබඳ සාකච්ඡා කළ බවත් කොමිෂන් සභාවේ නිලධාරීන් ඊට සහභාගී නොවූ බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. එහි තීන්දුවක් ලෙස කොමිෂන් සභා ලේකම්වරයාගේ සේවය අවසන් කර ඇති අතර ඒ බව ආරියදාස කුරේ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

මේ ගැන කළ විමසීමක දී පොලිස් කොමිෂන් සභාවේ සභාපති පී.එච් මනතුංග මහතා ප්‍රකාශ කළේ 2018 පෙබරවාරි පළමු වැනිදා තම 3/2018 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් සේවයේ යොදා නොගන්නා ලෙස දැනුම් දී ඇති බවයි. එබැවින් කුරේ මහතාගේ සේවය අදින් වසන් කිරීමට තීරණය කළ බව ඔහු කීවේය.

කොමිසමේ වැඩ බැලීමට හෝ ස්ථිර ලේකම් වරයෙකු පත් කිරීම ගැන අද අවධානය යොමු නොවූ බවත්, ඒ ගැන බ්‍රහස්පතින්දා රැස්වීමේදී තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් මනතුංග මහතා පැවසීය.

එහෙත් ඒ වන තෙක් ක්‍රියාත්මක වූ 09/2007 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව ද විශ්‍රාමික රාජ්‍ය සේවකයන් තනතුරුවලට පත් කළ නොහැකි අතර අනුප්‍රාප්තිකයකු හෝ සුදුසු නිලධාරියකු පත් කිරීමට නොහැකි නම් පමණක් වයස අවුරුදු 67 දක්වා වූ නිලධාරීන් පත් කළ හැකිය.

3/2018 නව චක්‍රලේඛය අනුව ද අනුප්‍රාප්තිකයකු හෝ සුදුස්සකු තෝරා පත් කර ගත නොහැකි තත්ත්වයකදී වයස අවුරුදු 67 දක්වා වූ නිලධාරීන් පත් කළ හැකිය.

නිලධාරීන් විශ්‍රාම යන වයස සම්පූර්ණ වන විට සුදුස්සන් තෝරා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මීට පෙර චක්‍රලේඛවල මෙන්ම මෙම චක්‍රලේඛයේද දන්වා තිබේ. ආරියදාස කුරේ මහතා විශ්‍රාම ගැන්වුවද මේ වනතෙක් වැඩ බලන ලේකම්වරයකු හෝ පත් කර නැත.

මීට පෙර පොලිස් කොමිෂන් සභාවේ තීරණ සම්බන්ධයෙන් ආරියදාස කුරේ මහතාගෙන් මාධ්‍යය තොරතුරු ලබා ගත් අතර එය වහාම නතර කරන ලෙස කොමිෂන් සභාව මීට සති කිහිපයකට පෙර ඔහුට දැනුම් දී තිබිණි. ආණ්ඩුව අපහසුතාවට ලක් වන ආකාරයේ ප්‍රකාශ කරන්නේයැයි ඔහු සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබිණි.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 2018 පෙබරවාරි මාසයේ නිකුත් කළ අතර එය නිකුත් කළ දිනවල කොමිසම මෙවැනි තීරණයක් ගෙන තිබුණේ නැත. පොලිස් කොමිෂන් සභාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස එහි නිලධාරීන් කිහිප දෙනෙකු විගණකාධිපතිගෙන් ලිඛිතව ඉල්ලීමක් ද කර තිබේ.

ලංකාදීප

 

Related posts

සජිත් හැර යන නිලූකා.. සමගි ජන බලවේගයේ නොනැවතීම වැල වීවෘතයි

colombotoday

ඇමතියෙක් බිෂොප් විදුහල අසල ගණිකා නිවාසයක් දාලා

colombotoday

තාප්පයට ‌හේත්තු කළොත් ධූරයෙන් ඉවත්වී පොලොන්නරුවට යනවා

colombotoday

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් 511 දෙනෙකු අද දිවයිනට

colombotoday

සතියක් තුළ රත්‍රං මිල වෙනස් වෙයි

Admin

ජනපති ශ්‍රීලනිපයේ ඇමැතිවරුන් කැඳවයි… හදිසි තීරණ ගැනීමේ සූදානමක් !

colombotoday