තලවතුගොඩදී අනතුරකට පත්වූ බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සම්බන්ධයක් ඇති බවට වාර්තා වන තොරතුරුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවත් එම රථයේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
CBB 5005 දරණ මෝටර් රථය මාදිවෙල පදිංචි ෆාහිම් මොහොමඩ් හුසේන් යන පුද්ගලයාට අයිති බවත් අනතුරට පත්වන විට ඔහුම මෝටර් රථය පැදගෙන ගොස් ඇති බව සී.ටී.ටී.වී. දර්ශන වලින් පැහැදිලි වන බවත් අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනා යටතේ අයිතිකරු අත්ඩංගුවට ගන්නා බවත් පොලීසිය පවසයි.