Colombo Today Local News

ඉඩම් මැනීම ඇමරිකාවට.. රෙදි සේදීම ඉන්දියාවට.. සෝමාවතී රක්ෂිතයත් ඇමරිකානු ඩෝල් සමාගමට

මෙරට පිහිටි ප්‍රධාන රෝහල්වල රෙදි සේදීමේ කටයුතු ඉන්දියානු සමාගමකට පවරා තිබෙන බවත් මෙරට ඉඩම් මැනුම් කටයුතු සිදුකිරීම සඳහා ඇමෙරිකානු සමාගමකට ලබාදී තිබෙන බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

රෝහල්වල රෙදි සේදීම තුළින් මෙරට රැකියා රැසක් පවතින බවත් ඒවා මේවන විට අහිමිවීමේ අවධානමක් පවතින බවද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම රෙදි සේදීම සඳහා උපදේශකත්වය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ බොහෝ දෙනකු සිටින බවත් හෙතෙම කියා සිටියේ ය.

මෙරට ඉඩම් මැනීම සඳහා ඇමෙරිකානු රජයෙන් ණය මුදලක් ලබාගෙන එම ණය මුදල නැවතත් ඇමෙරිකානු සමාගමකට ලබාදී මෙරට ඉඩම් මැනීම සිදු කරන බවට ද හෙතෙම චෝදනා කළේය. කෘෂිකර්මාන්තයට මෙන්ම රටේ වටිනා සම්පත් සහ විවිධ සම්පත් පිළිබඳව ඇමෙරිකානුවන් අතට පත්වන බවත් එමෙන්ම භූගෝලීය වශයෙන් මෙරට ඇති යුදමය ස්ථාන පිළිබඳව විශේෂ බලපෑමක් ඇති කරන බවද හෙතෙම සඳහන් කෙළේය.

රජය වී වගාව ඉවත් කිරීම මෙන්ම දේශීය කෘෂිකර්මාන්තය ඉවත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කළ බවද මෙරට ඉඩම් විදේශිකයන්ට මිලදී ගැනීම සඳහා අවශ්‍ය පිඹුරුපත් සකසා තිබෙන බවත් ඒ සඳහා පැවති නීති ඉවත් කිරීම් කටයුතු සිදු කර තිබෙන බවද සඳහන් කළේය.

මෙරට පවතින කෘෂිකාර්මික වැදගත්කමක් ඇති ඉඩම් විදේශිකයන්ට පවරා දීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බවද වැල්ලවාය ප්‍රදේශයේ ඉඩම් ක්කර 2500ක ප්‍රමාණයක් ඇමරිකාවේ ඩෝල් සමාගමට ලබාදී තිබෙන බවත් සෝමාවතිය පුදබිම අක්කර 5000 ප්‍රමාණයක් ඇමෙරිකානු ඩෝල් සමාගමට ලබා දී තිබෙන බවද නාමල් කරුණාරත්න මහතා මෙහිදී චෝදනා කළේය.

Related posts

ආණ්ඩුවේ කොන්ද පණ නැති, නෝන්ජල් ප්‍රතිපත්තිය නිසා රටම අරාජික වෙලා – මරික්කාර්

colombotoday

විදුලිබල ලේකම් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

26 දා දුම්රිය වර්ජනයක්.. හෙට සිට ප‍්‍රවේශපත් නිකුත් කිරීම නවතී.

colombotoday

එකම විසදුම ෆෙඩරල් පමණයි.. ජාත්‍යන්තර විනිසුරන් නැතිව කිසිවක් එපා ! – විග්නේෂ්වරන්

colombotoday

රණවිරුවන් FCID කැඳවීම නොදන්නා ජනාධිපති රට බෙදුනහමත් කියයි මම ඒ ගැන දන්නෑ කියලා – විමල්

colombotoday

වාරියපොල නාවික සෙබලාගේ පියාට සහ සොයුරාට පහර දෙන්න පොලිස් නිලධාරියෙකුත් හවුල් වෙලා

colombotoday