Colombo Today Local News

“අවිගබඩාව පිපිරුවේ මහින්දගේ, ගෝඨාගේ වරදින්.. ඔවුන් වගකීම බාරගත යුතුයි” – ඇමති අකිල කියයි

akila

සාලාව යුද හමුදා කඳවුරේ පිපුරුම සම්බන්ධයෙන් වගකීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් විසින් බාරගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. යුද්ධය නිමාවූ පසු ජාත්‍යන්තර ප්‍රමිතීන් හා අත්දැකීම් අනුව එම අවි ඉවත් කළ යුතුව තිබුණු බව අමාත්‍යවරයා කියා සිටියේ අද(09)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

යුද්ධය නිමාවී වසර 6ක් ගතවූ පසුද ඒවා ඉවත් කිරීමට කටයුතු ‍කර නොමැති බවත්,ඒ අනුව එම වගකීම ඔවුන් විසින් පැහැරහැර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මීට පෙරාතුව 2009 වසරේ වව්නියාවේ ආයුධ ගබඩාවක් පිපුරුණු බවත්,2014 දීද එවැන්නක් සිදුවූ බවත් කියා සිටි අමාත්‍යවරයා එම කාලයේ අදාළ සිදුවීම් මාධ්‍ය මගින් අනාවරණය නොවුණු බව සඳහන් කළේය.

අවිගබඩාව පිපිරීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ තමන් ආරක්ෂක ලේකම් ධුරය දරන අවදියේ මෙම කදවුර ඉවත්කර අනුරාධපුර රබෑව ජනශුන්‍ය ප්‍රදේශයක ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබූ බවයි. මෙහි තිබූ අවිවලින් කොටසක් වේයන්ගොඩ ‍ගබඩාව වෙත ගෙන ගිය බවද ආණ්ඩුව මාරු වීම නිසා එම කටයුතු අඩාල වූ බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා තිබිණි.

මේ අතර සිද්ධියෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතාද ප්‍රකාශ කළේ මෙම කදවුර ඉවත් කිරීමට සැලසුමක් තිබූ බවත් අවි තොගයක් ගින්න ඇතිවන අවස්ථාව වන විටත් ඉවත් කර තිබුණු බවත්ය. එහෙත් වත්මන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මාධ්‍යට පැවසුවේ එවැනි සැලසුමක් තිබූ බව තමන් දැන නොසිටි බවයි.

Related posts

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා බිලි ගනී

colombotoday

විදෙස් විනිසුරුවන් ගෙනත් පරීක්ෂණ ඉක්මන් කරන්න.. සුමන්තිරන් ඉල්ලයි

colombotoday

රටපුරා අපට අනුකම්පා රැල්ලක් ඇතිවෙලා… එයින් ප්‍රයෝජන ගතයුතුයි – හකීම්

colombotoday

“අපට විරුද්ධ හැම එකෙක්ම මරණව.. මුලින්ම මරන්නේ අපෙන් ගිය උන්” චම්පික කියලා?

colombotoday

කන්දකාඩුවලින් පැනගිය රැඳවියන් 232ක් පොලිස් භාරයට

colombotoday

’වතු ජනතාව බලාපොරොත්තු වන්නේ සාධාරණත්වය’

Admin