Colombo Today Local News

ඇහැලියගොඩ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසාදමයි

ඇහැලියගොඩ කලාපයේ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රත්නපුර කොරෝනා මර්දන බලකා කමිටුව තීරණය කළ බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා පැවසුවේය.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඊයේ (25) දින සිට ගතගතවු පැය 24 ක කාලය ඇතුලත කොවිඩ්-19 ආසාදිතයින් 44 ක් හදුනාගෙන ඇති අතර, එම රෝගීන්ගෙන් සියලුදෙනාම ඇහැලියගොඩ දිවුරුම්පිටියේ කර්මාන්තශාලාවක කොවිඩ්-19 ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් බව හඳුනාගෙන ඇතැයිද මෙම තත්වය මත පාසල් තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බවද කන්නන්ගර මහතා කීවේය.

මෙම කොවිඩ්-19 ආසාදිතයින් 44 අතර එක්අයෙකු රත්නපුරපොලිසියේ ඉහළ නිලධාරින්ගේ කාර්යාලක සේවය කරන වයස අවුරුදු 50 ඉක්මවූ අයෙකු බවත් සෞඛ්‍ය අංශ පවසයි.දෙදරු පියෙකු වන ඔහු සහ පවුලේ සාමාජිකයන්, සේවා ස්ථානයේ සමීප ආශ්‍රිතයන්ද ඇතුළත්ව හයදෙනකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇතිබව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයන් 44 ම දිවුරුම්පිටියේ,කර්මාන්තශාලාවක සේවය කළ කොවිඩ්-19 ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් බව හදුනාගෙන ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා කරුණු දක්වමින් පැවසීය.

Related posts

නිපුනතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු ඇමති දයාසිරි ජයසේකර

colombotoday

විවාහ පොරොන්දු දී ලක්ෂ 23කට විද්ද FM නිවේදකයා අවුරුද්දක් හිරේ

colombotoday

අධිකරණ සංශෝධන පනතේ කරුණු ව්‍යවස්ථාවට පටහැණියි… ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකට දන්වයි

colombotoday

බැසිල්ට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ?

colombotoday

පොලිස්පතිට ස්කොට්ලන්යාඩ් පුහුණුවක්

colombotoday

රනිල්ගේ රැලි 30ක් කැන්සල්

Admin